හිටපු ජනාධිපති ගෝඨාභය, මහින්ද ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකුට කැනඩාවෙන් සම්බාධක!

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට කැනඩාව විසින් සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

මෙලෙස සම්බාධක පනවා තිබෙන්නේ 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා පැවති යුධ තත්ත්වය තුළ සිදුවූයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළවය.

කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී විසින් මෙම සම්බාධක පනවා ඇති අතර, එරට විශේෂ ආර්ථික පියවර පනතට ප්‍රකාරව එකී පුද්ගලයන්ට කැනඩාව සමඟ ගනුදෙනු කිරීම තහනම් වීම, කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් ඵලදායී ලෙස අත්හිටුවීම, සහ එරට සංක්‍රමණ සහ සරණාගතයින් ආරක්ෂණ පනත (Immigration and Refugee Protection Act) යටතේ කැනඩාවට ඇතුල් කර නොගැනීම ආදිය ක්‍රියාත්මක වනු ඇත.

සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් හේතුවෙන් ඉකුත් දශක හතර තුළ ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවේ සාමය, සංහිඳියාව, යුක්තිය සහ වගවීම සාක්ෂාත් කර ගැනීම සඳහා කැනඩාව ස්ථිර ලෙස සහයෝගය දක්වන බවත් කැනේඩියානු විදේශ අමාත්‍යවරිය පවසා සිටියි.

එමෙන්ම, ජාත්‍යන්තර නීතිය කඩකරන්නන්ට එරෙහිව ජාත්‍යන්තර දණ්ඩමුක්තිය අවසන් කිරීමට කැනඩාව අද (10) තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බවත්, රට තුළ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතුළුව වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය තුළින් සාමය, ඇතුළත්භාවය සහ සමෘද්ධිය සඳහා වූ මාවතට සහාය වීමට කැනඩාව සූදානමින් සිටින බවත් ඇය අවධාරණය කළාය.

ඒ සම්බන්ධ සම්පූර්ණ නිල නිවේදනය: https://www.canada.ca/en/global-affairs/news/2023/01/canada-imposes-sanctions-on-sri-lankan-state-officials-for-human-rights-violations.html

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...