කණට ගහලත් ඡන්දෙ දිනුව ශකීබ්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 10 කොළඹ (LNW): දකුණු ආසියාතික රටවල දේශපාලනයේදී සිය මහජන නියෝජිතයා තෝරා ගැනීම සඳහා බොහෝ විට අදාළ කර නොගන්නේම ඔහුට දේශපාලනඥයෙකු ලෙස තිබිය යුතු කුසලතාවයන්,මහජන අභිවෘද්ධිය පිණිස වන ආකල්ප සහ සංකල්ප මෙන්ම එවැන්නෙකුට තිබිය යුතු හික්මීම වැනි කාරණා පිළිබ දව අවධානය යොමු නොකිරීමය.කුමන හෝ කේෂ්ත්‍රයකින් ජනප්‍රිය වූ පමණින් ඔහුව තමන්ගේ මහජන නියෝජිතයා කර ගන්නට නොපැකිළිව ඉදිරිපත් වන පිරිස් දකුණු ආසියාතික රටවල හිඟ නැත.වැඩිපුරම මේ අවස්ථාව දිනා ගන්නෝ ක්‍රිඩක ක්‍රීඩිකාවෝ සහ රංගන කේෂ්ත්‍රයේ නියැලෙන්නෝ වෙති.


බංගලාදේශ මැකිවරණයේද වාර්තාගත අන්දමින් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් ජය ගෙන ඇත.ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස සුපිරි දක්ෂතා දැක් වූ හසන් බංගලාදේශ ජයග්‍රහණ වෙනුවෙන් පිත්තෙන් හා පන්දුවෙන් පෑ දස්කම් මෙන්ම ඔහු තරග ජයග්‍රහණ උදෙසා ගත් ඇතැම් ක්‍රියා මාර්ග සහ හැසිරිම් ද බොහෝ දෙනෙකුගේ අවඥාවට සහ දෝශ දර්ශනයට ලක් විය.එහෙත් සිය දක්ෂතා මඟින් ජනතා ආකර්ශණයට පත් වී සිටි ශකීබි මැතිවරණයේදී ද යම් අශෝභන හැසිරීම් ප්‍රදර්ශනය කළ ද,ඒවායේ පීඩනය, පීඩනයට ලක් වූවන්ගෙන් අවසන් විය.ඉදිරියේදී සමහර විට පොදු ජනතාව හැටියට ශකීබ්ගේ මෙවැනි හැසිරීම් රටේ පුරවැසියන්ට දැනෙන්නට වුවහොත් පුදුම විය යුතු නැත.දක්ෂයෙක් වුව ද,නිකර සිය හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයක් දිනා ගන්න අපහසු වූ ශකීබ් පිත්තෙන් සහ පන්දුවෙන් පෑ දස්කම් සළකා ඔහු තමන්ගේ මහජන නියෝජිතයා කර ගන්න කතිරය ගැසූ පිරිසට මෙන්ම රටට ද එය විඳ ගන්නට සිඳුවනු ඇත.
මේ සමඟ ඇත්තේ ශකීබ් මැතිවරණ ව්‍යාපාරය තුළ තමන්ගේ පාක්ෂිකයෙකුට කම්මුල් පහරක් එල්ල කරන අවස්ථාවක්ය.මෙය විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුව ද,එහි වේදනාව පහර කෑ පුද්ගලයාට පමණක් දැනී තිබුණ අතර ජනතාව ඉහළින්ම ශකීබ් ව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු ...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...