වෙනිසියුලා ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගැනීමට තොරතුරු සපයන්නකුට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 65 ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජාත්‍යන්තරිකව හා දේශීය වශයෙන් පවතින විරෝධය නොතකා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ වසර හයක ධුර කාලයක් වෙනුවෙන් තෙවන වරටත් ජනාධිපති වශයෙන් දියුරුම් දී ඇති බව වාර්තා වේ.

මෙත් එක්සත් ජනපදය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මදුරෝ සහ ඔහුගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියෝස්දාඩෝ කැබෙලෝ අත්අඩංගුවට ගැනීමට තුඩු දෙන තොරතුරු සඳහා ඩොලර් මිලියන 65 ක ත්‍යාගයක් ප්‍රක්ෂයට පත් කර තිබේ.

නිකොලස් මදුරෝ 2013 දී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දා සිට වෙනිසියුලාව වඩ වඩාත් මර්දනකාරී දිශාවකට ගෙන ගිය අතර 2024 වසරේ ජූලි 28 ඡන්දයේදී වෙනිසියුලාවේ ආර්ථික බිඳවැටීම පිලිබඳ පුලුල්ව පැතිරුනු මහජන කෝපයට හේතුවෙන් ඔවුන්ගේ අපේක්ෂකයා වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් සැබෑ ජයග්‍රාහකයා බවට තෝරාගනු ලැබුවද මදුරෝ එම විශ්වාසදායක සාක්ෂි නොතකා ඔහුගේ වඩ වඩාත් මර්දනකාරී පාලනය 2031 දක්වා දීර්ඝ කරගෙන ඇත.

මෙත් සමඟ වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපති සහ උප සභාපති, මැතිවරණ නියෝජිතායතනය සහ වෙනත් අය ඇතුළුව, රටේ 2024 මැතිවරණයේ කාර්යභාරයක් ඉටු කළ ඉහළ වෙනිසියුලානු නිලධාරීන් 15 දෙනෙකුට යුරෝපා සංගමය සම්බාධක පනවා ඇති අතර ජාතීන් 27 ක කණ්ඩායම පැවසුවේ එම නිලධාරීන් ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළා ඇති බවයි.

විපක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගණන් බැලීම් නීත්‍යානුකූල බව ප්‍රකාශ කලද මදුරෝ ජන්දය වංචනික බව පවසා ආණ්ඩු බලය පැහැර ගනු ලැබූ අතර ඊට විරෝධය දක්වමින් පැවැත්වූ මහජන විරෝධතාවයන් මදුරෝගේ ආණ්ඩුව දැඩි ලෙස මර්දනය කළ අතර පෙලපාලිකරුවන් 2,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් අතර, පාලක-පක්ෂ විරුද්ධවාදියෙකු යැයි තමන් සැක කරන ඕනෑම අයෙකු වාර්තා කරන ලෙස වෙනිසියුලානුවන් දිරිමත් කළේය. නොසන්සුන්තාව අතරතුර පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් මිය ගිය අතර බොහෝ විරෝධතාකරුවන් අත්අඩංගුවේ දී වධහිංසා පමුණුවා ඇති බව වාර්තා විය.

එක්සත් ජනපදය, බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ වාමාංශික ජනාධිපතිවරුන් වන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සහ ගුස්ටාවෝ පෙට්‍රෝ, කියුබාවේ සහ නිකරගුවාවේ ඒකාධිපති ජනාධිපතිවරුන් වන Miguel Díaz-Canel සහ Daniel Ortega, චිලියේ ප්‍රගතිශීලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් අදින ප්‍රසිද්ධියේම මදුරෝ වෙනිසියුලා ජනාධිපතිවශයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...