පහර දීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකගේ සහෝදරයා රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ (LNW):

සාවිත්‍ර සිල්වා හෙවත් “සංගු” නැමැත්තා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාද වේ. පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

ඊයේ (10) රාත්‍රි රත්මලානේ පිහිටි සිය නිවස අසළදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේගේ සහෝදරයා වන “සංගු” නැමැත්තා  පුද්ගලයෙකුට පහරදී තිබේ. පහරකෑමට ලක් වූ පුද්ගලයා ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බව වාර්තා වෙයි. අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී තිබේ.

ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවත්, අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් තමන්ට පහරදුන් අයෙකුට පහරදී ඇති බවත්,පොලීසිය සඳහන් කළේය.

පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාම කළුබෝවිල රෝහලට ඇතුළත් කරඇති අතර, ඉන් පසුව ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්  ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මේ වනවිටත් සාවිත්‍ර සිල්වා පොලිස් ආරක්ෂාව යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවටයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...