අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

Date:

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ජනවාරි 11) සවස සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා අද පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වා බොරැල්ල Barney Raymond අවමංග්‍ය ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

ඉන් අනතුරුව අද සවස 06.00 ට ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

දර්ශන හඳුන්ගොඩ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනික VLOG කලාවේ පුරෝගාමියකු වන අතර මුලින් SLVLOG නාලිකාව හරහාත් පසුව SL Deshaya නාලිකාව හරහාත් ඔහු සිදුකළ තියුණු මාධ්‍ය මැදිහත්වීම සුවිශේෂී එකකි.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීම සඳහා ජනතාව අභිප්‍රේරණය කිරීම උදෙසා ඔහු සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය යෙදවූ අතර ඒ නිසාම අවස්ථා ගණනාවකදී රාජ්‍ය මර්දනයට මුහුණ දීමට ද ඔහුට සිදුවිය.

කලක් තිස්සේ අසනීප තත්වයෙන් පෙළෙමින් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...