වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

0
645

සටහන – රුවන් නෙළුගොල්ල

වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය 2026 ජනවාරි 05 වනදා සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව යතුරු පැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවිල් හැර, අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමක දී, අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය (TIN) දත්ත පද්ධතීන්ට ඇතුළත් කිරීම අනිවාර්යය වේ.