අවුරුදු 5කින් කරන්න තියෙන දේ අවුරුද්දෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබාදී ඇත්තේ වසරකට පහකට බැවින් වසර පහකින් සිදුකරන දෑ වසරකදී බලාපොරොත්තු නොවන්නැයි කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා මෙහෙම. තවත් අවුරුදු පහකින් කරන්න තියෙන දේ පළවෙනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ. තව අවුරුදු හතරකින් කරන්න තියෙන දේ දෙවැනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒවා කරනවා, ඒ දුන්නු පොරොන්දු ඉටු කරනවා. අපිට බලය දීලා තියෙන්නෙ ජනතාව අවුරුදු පහකට. තාම අවුරුද්දයි ගතවුණේ. අවුරුදු පහක් ඇතුළත ඒ අත්‍යාවශ්‍ය දේවල් ඔක්කොම කරනවා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ නිවාස නැවත ගොඩනැගීම ආරම්භ කිරීම සඳහා පෙරේදා (09) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...