ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායම් ඉලක්ක වෙත එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා මහා පරිමාණ ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.

දෙසැම්බර් 13 වන දින සිරියාවේ මධ්‍යයේ පිහිටි පැල්මයිරා හි සැඟවී සිට සිදු කළ ප්‍රහාරයකින් IS තුවක්කුකරුවෙකු ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ එක්සත් ජනපද සිවිල් පරිවර්තකයෙකු මරා දැමීමෙන් පසු මෙම මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් ලෙස හෝක්අයි මෙහෙයුමේ කොටසක් වශයෙන් මෙම ප්‍රහාරය දියත්කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා නිවේදනය කර තිබේ.

එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා F-15E, A-10, AC-130J, MQ-9 සහ ජෝර්දාන F-16 ඇතුළු ගුවන් යානා 20 කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වූ මෙහෙයුමකදී ඉලක්ක 35 කට වැඩි ගණනකට ප්‍රහාර එල්ලකර තිබු අතර ඉන් වන හානිය තවමත් නිශ්චිතව සඳහන් නොවේ.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ නිවේදනයට අනුව ඔහු වැඩිදුරත් සඳහන් කර තිබුණේ, ඔබ අපගේ යුධ සටන්කරුවන්ට හානි කළහොත්, ඔබ යුක්තියෙන් වැළකී සිටීමට කොතරම් උත්සාහ කළත්, අපි ඔබව සොයාගෙන ලෝකයේ ඕනෑම තැනක මරා දමන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...