ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායම් ඉලක්ක වෙත එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා මහා පරිමාණ ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.

දෙසැම්බර් 13 වන දින සිරියාවේ මධ්‍යයේ පිහිටි පැල්මයිරා හි සැඟවී සිට සිදු කළ ප්‍රහාරයකින් IS තුවක්කුකරුවෙකු ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ එක්සත් ජනපද සිවිල් පරිවර්තකයෙකු මරා දැමීමෙන් පසු මෙම මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් ලෙස හෝක්අයි මෙහෙයුමේ කොටසක් වශයෙන් මෙම ප්‍රහාරය දියත්කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා නිවේදනය කර තිබේ.

එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා F-15E, A-10, AC-130J, MQ-9 සහ ජෝර්දාන F-16 ඇතුළු ගුවන් යානා 20 කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වූ මෙහෙයුමකදී ඉලක්ක 35 කට වැඩි ගණනකට ප්‍රහාර එල්ලකර තිබු අතර ඉන් වන හානිය තවමත් නිශ්චිතව සඳහන් නොවේ.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ නිවේදනයට අනුව ඔහු වැඩිදුරත් සඳහන් කර තිබුණේ, ඔබ අපගේ යුධ සටන්කරුවන්ට හානි කළහොත්, ඔබ යුක්තියෙන් වැළකී සිටීමට කොතරම් උත්සාහ කළත්, අපි ඔබව සොයාගෙන ලෝකයේ ඕනෑම තැනක මරා දමන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...