ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා වන්ට අනුව එකසත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පහර දීම සඳහා හමුදා විකල්ප ලබා දී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ඉරානයේ මුදල් ඒකකය අවප්‍රමාණ වීමත් එරට ක්‍රියාත්මක වන දිව්‍යාණ්ඩු පාලනයට අභියෝග කරමින් රට පුරා පැවති විරෝධතාවන්ට සිය සමාජ මාධ්‍ය හරහා එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය සහයෝගය පළකර කරමින් “ඉරානය නිදහස දෙස බලන බවත්, සමහර විට කවදාවත් නොවූ විරූ ලෙස. ඇමරිකා එක්සත් ජනපදය උදව් කිරීමට සූදානම්!!!”බවත් ප්‍රකාශ කර ඇත.

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 116 ක් මියගොස් අතර තවත් 2,600 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇත.

මේවන විට ඉරානයේ අන්තර්ජාලය ක්‍රියා විරහිත වීම සහ දුරකථන මාර්ග කපා හැරීමත් සමඟ, විදේශයන්ගෙන් පැමිණි සිමා කර ඇති බැවින් තොරතුරු වාර්තා වීම සිමා සහිත වී ඇති බව එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජනපද අනතුරු ඇඟවීම් නොතකා, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අණ පරිදි ඉරානයේ නීතිපති මොහොමඩ් මොවහෙඩි අසාද් විරෝධතාවලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ලබන බවටත්, මරණ දඬුවම නියම කරන බවත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...