හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.

ඒ අනුව හෙට (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස තමන්ට පොලීසිය දැනුම් දී ඇති බවයි ප්‍රසාද් සිරිවර්ධන මහතා සඳහන් කළේ.

“පසුගිය සතියේ හිරු සලකුණ වැඩසටහනේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මම කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන්න කියලා CID එකෙන් මට ඊයෙ ඇවිල්ලා කිව්වා. සඳුදා පෙරවරු 10.00 ට CID එකට එන්න කියලා තියෙනවා. මම රටේ ජනතාවට කියනවා මේං ආණ්ඩු. ඔබ පත්කරපු මේං ආණ්ඩු. මේවා ඇත්තටම සෙල්ලම් ආණ්ඩු. රූපවාහිනී වැඩසටහනක මම කියපු දෙයක් පිළිබඳව එයාලා පරීක්ෂණයක් කරනවා. වැඩ නැති ආණ්ඩුවකට වැඩ හදාගන්නවා. මේවා වැඩද මං අහන්නෙ, මේවාද කරන්න තියෙන වැඩ ?”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...