අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

0
599

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ‘දරුවන් උදෙසා දෙමව්පියෝ’ සංවිධානය අද (11) මහනුවර ගොස් මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමට නියමිත බව වාර්තා වේ.

එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු පිළිබඳ විරෝධය පළකරමින් සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයින් පිරිසක් අද පෙරවරුවේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේදී පොල් ගැසීමට කටයුතු සූදානම් කර ඇති බවත් වාර්තා විය.