පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW:

නිල්,අළු,කොළ සහ රතු ලෙස බෙදුණු කණ්ඩායම් අතර පැවත්වෙන ජාතික කාන්තා විස්සයි විස්ස තරගාවලියේ දී චමෝදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් යුත් අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් ඇතුළත් වන රතු කණ්ඩායම අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඉහළ නංවන ආකාරයේ පන්දු යැවීමක නිරතවීම කැපී පෙණින.බට්ටි යන අනවර්ථ නාමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර ආදරය දිනා සිටින චමෝදි,මේ වන විට ජාතික කණ්ඩායමේ විශ්වසනීයම පිතිකාරිණිය බවට නම් දරා සිටින බ්ලූ කණ්ඩායම් නායිකා හර්ෂිතා සමරවික්‍රම මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීම කැපී පෙණුනා.එහිදී චමෝදි මෙන්ම පිතිකරණයේ දී මෙන්ම කඩුලු රැකීමේදී ද දස්කම් දක්වන චමෝදිටත් වඩා කුඩා ඉසුරු නේත්‍රාංජලී විසින් රැකගත් උඩ පන්දුවත් කැපී පෙණුනා.


බ්ලූ කණ්ඩායම වෙනුවෙන් සත්‍යා සංදීපනී ලකුණු 50 ක් ද,අමා කංචනා ලකුණු 41 ක් ද ලබා ගනිමින් පෑ දස්කම් නොවන්නට බ්ලූ ලකුණු පූවරුව බොහෝ අඩු වෙන්නට තිබුණා.ඒ නිසා ඔවුන් පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 134 ක් රැස් කළ අතර චමෝදි සිය පන්දු වාර 4 ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙණුනා.එසේම ඇය අමා කංචනාගේ ඉණිම නිමා කිරීමට අවශ්‍යය දුවද්දී දැවී යාමට දායක වූ අතර කව්ශිනි නෘත්‍යංජනා අශිනි තලගුණේගේ පන්දු ඉදිරියේ දැවී ගියේ ද චමෝදි රැකගත් උඩ පන්දුවක් නිසයි. ඒ අනුව බ්ලූ කණ්ඩායම අහිමි කර ගත් කඩුලු 6 න් පහකටම චමෝදි සම්බන්ධ වී සිටියා.


මෙහිදී අත්දැකීම් බහුලම දඟ පන්දු යවන්නිය වන ඉනෝකා රණවීර ද බ්ලූ කණ්ඩායට කැඳවා තිබුණ අතර ඇය විසින් ඇති කළ පීඩනය හමුවේ රෙඩ් කන්ඩායමට ඇයගේ පන්දුවාර 4 ට රැස් කර ගන්නට ලැබුණේ ලකුණු 5 ක් පමණයි.ඇය එක් කඩුල්ලක් පමණක් ලබා ගත්ත ද,ඒ පීඩනය නිසා නෙත්සි සංජනාට ලකුණු 14 ට කඩුලු 4 ක් ද,දෙව්මි විහංගා ට ලකුණු 11 ට කඩුලු 3 ක් ද දවා ගන්නට හැකි වුණා.
රෙඩ් කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකෙ ලකුණු ලබා ගත්තේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණයි.සංජනා කාවින්දි (12) විමෝක්ෂා බාලසූරිය (11) සහ ලිමී තිලකරත්න එම දස්කම කිරීමට සමත් වූ අතර ඔවුන් විසිවන පන්දුවාරයේ අවසාන පන්දුවට සියල්ල දැවී ලකුණු 64 ක් ලබා ගනිමින් බීලූ කන්ඩායමට ලකුණු 70 ක ජයක් හිමි කර දුන්නා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...