උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW:

අද ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩක දුශ්මන්ත චමීරගේ උපන් දිනයයි.චමීරගේ උපන් දිනය දවසේ යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් තරගයක් යෙදී තිබෙනවා.ඒ පකිස්තානය සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තෙවන සහ අවසාන තරගයයි.දෙවන තරගය අයහපත් කාලගුණය නිසා නොපැවත්වුණ අතර,පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.


අද පැවත්වෙන තරගයට වර්ෂාවෙන් බාධාවක් පැමිණ නවත්වන්නට සිඳු වුණත්,තරගාවලියේ ජය 1-0 ක් ලෙස පකිස්තානයට හිමිවෙනවා.එම නිසා අද තරගය පැවත්වීමට අවශ්‍යය වන අතර එය ශ්‍රී ලංකාව ජය ගැනීම ද අවශ්‍යය වෙනවා.ජයග්‍රහණය කළහොත් තරගාවලිය නොපැරදී සම කර ගැනීමේ අවස්ථාව හිමිවන අතර පරාජයට පත් වුවත්,තීරණයක් නොමැතිව විසඳුණත් තරගාවලියේ පරාජය දරා ගන්නට ශ්‍රී ලංකාවට සිඳුවෙනවා.


එම නිසා දුශ්මන්ත චමීර ට සුබ උපන් දිනයක් පතන අතරේම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යය ශක්තිය,දරිය හා හැකියාව ද උපරිමයෙන් ලැබේවායි පතන අතරේ තරගය පැවත්වීමට කාලගුණයේ ආශිර්වාදය ද ලැබෙනු ඇතැයි ප්‍රාර්ථනා කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...