ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා ඉන්දියාවේ අඛණ්ඩ සහය : ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවාව සමාරම්භ කෙරේ

Date:

ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට සපයන ලද වායුසමීකරණය කරන ලද ඩීසල් දුම්රිය යොදාගනිමින් ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවාව සමාරම්භ කිරීමේ උත්සවයක් 2022 ජනවාරි 09 වන දින පැවැත්විණ. ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ අතර නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී එතුමියව පිළිගන්නා ලදී.

2.       ප්‍රවාහන අමාත්‍යතුමිය සමඟ පැවති කතාබහ අතරතුරදී, නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තියට සමගාමීව ශ්‍රී ලංකාව සමඟ සබඳතාවයන් සඳහා ලබාදෙන ප්‍රමුඛතාවය පිළබඳව සිහිපත් කළේය. දුෂ්කර අවස්ථාවන්හි දි ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බවට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශය වර්තමාන සන්දර්භය තුළ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය යළි තහවුරු කරන්නක් බව එතුමා ප්‍රකාශ කළේය. එසේම, ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමට අවස්ථාව සලසා දෙන අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි සහයෝගීතාවය සඳහා මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා දක්වන උනන්දුව ද නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා මෙහිදී අවධාරණය කළේය.  

3.       ප්‍රවාහන අමාත්‍යතුමිය පවතින කොවිඩ්-19 වසංගත සමය ඇතුළු පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ශක්තිමත් සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළාය. එයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේ මෙම වසරේදී ද්විපාර්ශවික සබඳතාවය වඩාත් ශක්තිමත් කිරීමට ඉන්දියාව දැඩි උනන්දුවකින් පසු වන බව යි. ඉන්දීය රජය මෙම වසරේ ඩයස්පෝරා දිනය (ජනවාරි 9) තරුණ ප්‍රජාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සමරන බව ද එතුමා සඳහන් කළේය. ආනන්ද විද්‍යාලයේ සුප්‍රකට දේශනය ඇතුළු මහත්මා ගාන්ධිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයන් පිළිබඳව ද නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා මෙහිදී සිහිපත් කළේය.

4.       RITES සමාගම විසින් ඉන්දීය ණය ආධාරයක් යටතේ සපයන ලද මෙම වායු සමීකරණය කරන ලද ඩීසල් දුම්රිය බස්නාහිර පළාත සහ උතුරු පළාත අතර වඩා වේගවත් ප්‍රවාහන සේවාවක් ලබා දීමට උපකාරී වනු ඇත. වායුසමීකරණය කරන ලද දුම්රිය සැපයීම ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා ඇති දුම්රිය ව්‍යාපෘති වලින් එකක් පමණි. ඉන්දීය ණය ආධාරයක් යටතේ RITES සමාගම විසින් මගී දුම්රිය මැදිරි සැපයීම ඇතුළු තවත් ව්‍යාපෘතීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ සපයන දුම්රිය මැදිරි 160න් 120ක් RITES සමාගම විසින් මේ වන විටත් සපයා ඇත. IRCON නමැති තවත් ඉන්දීය සමාගමක් මහව – අනුරාධපුරය – ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටියි.

5.       ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත සංවර්ධන සහහයෝගීතාවය ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට අධික අතර ඒ අතරින් ඇමරිකානු ඩොලර් මිලියන 570ක් පමණ ආපසු නොගෙවිය යුතු ප්‍රදාන වේ. දුම්රිය මාර්ග නවීකරණය කිරීම සහ නව දුම්රිය යටිතල පහසුකම් නිර්මාණය ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතාවය අනුව දිවයින තුළ ඉන්දීය රජයේ සංවර්ධන කළඹෙහි වැදගත් අංශයන් වේ.

***

කොළඹ

2022 ජනවාරි 09

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...