පුංචි ඡන්දය කල්දමන අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ. මන්ත්‍රී ධුර කාලය වසරකින් දිගු වේ

පළාත් පාලන ආයතනවල සභික මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (10) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය 2023 මාර්තු 19 වනදා දක්වා දීර්ඝ කර ඇත.

2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ වත්මන් මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයක් නුදුරේදීම පැවැත්වීමට නියමිතව තිබුණ ද පළාත් පාලන අමාත්‍යවරයාගේ බලතල අනුව මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ඇති නිසා එම මැතිවරණය ලබන වසර දක්වා කල්යනු ඇත.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනයට පහත දිගුවෙන් යොමුවිය හැකිය.

http://documents.gov.lk/files/egz/2022/1/2262-08_S.pdf

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...