බංගබන්දු මැරතන් තරගයේ කළාපීය ජයග්‍රාහකයෝ ඉන්දියාවෙන්: පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාවට හත සහ අට – කාන්තා අංශයෙන් හතර සහ පහ

Date:

බංගලාදේශය සිය ජාතියේ පියා හැටියට හඳුන්වන බංගබන්දු ෂෙයික් මුජිබර් රහුමාන් නමින් පැවත්වෙන අන්තර්ජාතික මැරතන් තරගාවලියේ දි දකුණු ආසියානු කළාපයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙපළ හත්වන සහ අටවන තැන දිනා ගත් අතර ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිවෙලින් සිව්වන සහ පස්වන තැන දිනා ගත්තේය.ඒඅනුව පිරිමි අංශයෙන් තරග කළ සිවරාජන් මුත්තුසාමි හත්වැන්නා විය.එහි අටවැන්නා වූයේ තිස්ස ගුණසේකර ය.(කැළුම් සම්පත්) වේලු ක්‍රිශාන්තනි සිව්වැනියා විය.වත්සලා හේරත් පස්වැනියා විය.
පිරිමි අංශයේ තරග ප්‍රතිපල විමසා බලද්දී ප්‍රථිම ස්ථාන හතර සහ හයවන ස්ථානයේ සිටින්නේ ඉන්දිය ක්‍රීඩකයෝය.පස්වන තැන නේපාලයේ කිරාන් සිං දිනා ගත්තේය.පථම ස්ථාන තුනට පත් ක්‍රීඩකයන් වූයේ ඉන්දියාවේ බුගාතා සීනූ,අර්ජුන් ප්‍රදාන් සහ බෙලිඅප්පා අප්පච්චන්ගඩා ය.


ඉන්දියාවේ ආරතී පටෙල් සහ ජොයිති ගවාටෙ කාන්තා අංශයේ ප්‍රථම සහ දෙවන ස්ථාන පිළිවෙලින් දිනාගත්හ.තෙවැන්නිය වූයේ නේපාලයේ පුෂ්පා බන්දාරි ය.


ජාත්‍යන්ර තරග අංශයේ ප්‍රතිපල හා සසදද්දී දකුණු ආසියානු කළාපයේ ප්‍රතිපල යහපත් මට්ටමක නොමැති අතර පිරිමි අංශයේ කළාපිය ප්‍රථමයා වූ බුගාතා තරගය නිම කළේ පැය 01:16:26 ට ය.කාන්තාඅංශය ජයගත් ආරතී තරගය නිමා කිරීමට 2;53;28 කාලයක් ගත කළේය.


ජාත්‍යන්තර තරග අංශයේදී කෙන්යාවේ වින්සන්ට් කිප්සෑන්ග් රොනෝ එම තරගය ජය ගත්තේ පැය 2:09:29 කින් තරගය නිම කරමින්ය.කාන්තා අංශයේ ජයග්‍රාහිකාව වූ ඉතියෝපියාවේ ඩෙකෙබෝ හේලිමේරියම් එම ඉසව්ව පැය 2:31:39 ට නිම කරන්නට සමත් වූවා ය.
ප්‍රධාන ඡායාරූපයේ සිටින්නී කාන්තා තරග අංශය ජයගත් හේලිමේරියම් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වමේ සිට තිස්ස ගුණසේකර,වේලු ක්‍රිශාන්තනී,සජිත් ජයලාල් (පුහුණුකරු සහ කළමණාකරු) වත්සලා හේරත් සහ සිවරාජන් මුත්තුසාමි

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...