CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන මියගොස් ඇතැයි පොලිසිය කියයි

0
260

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තමන් භාරයේ රඳවාගෙන සිටි කාන්තාවක් ජනේලයකින් පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ කාන්තාව අද (11) අළුයම 04.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පස්වෙනි මහලේ ජනේලයකින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය කාන්තාව 46 හැවිරිදි අයෙකු වන අතර ඇයව අත් අඩංගුවට ගෙන තිබුණේ රුපියල් මිලියන 60ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here