ඉමදූව පොලිස් ස්ථානාධිපති බීමත් පුද්ගලයෙකු නිදහස් කරන්න නීතිය නවයි ! පහළ නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැනවදී !

Date:

තමා සමග එකට මත්පැන් බිව් පුද්ගලයෙකු නිදහස් කිරීම සඳහා ඉමදූව පොලීසියේ ස්ථානාධිපතිවරයා, තමා යටතේ සේවය කරන පොලිස් නිළධාරීන්ට බලපෑම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා. තම හිතවතා නිදහස් කරන ලෙස බලපෑම් කරන පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැනවදින ආකාරයද අදාල වීඩියෝවේ පැහැදිලිව සටහන් වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුම අසල රාජකාරියේ නිරතව සිටින පොලිස් නිළධාරීන් මෝටර් රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අධික ලෙස බීමත්ව සිටින බව තහවුරු වී තිබේ. අදාල රියදුරාද තමා බීමත්ව සිටින බව පිළිගෙන ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග එකට මත්පැන් පානය කළ බවයි.

ඉන්පසු පොලිස් නිළධාරීන් අදාල පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය ඉල්ලා ඇති අතර එය ගණන් නොගත් රියදුරා පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබාගෙන සිය ජංගම දුරකතනය රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් වෙත ලබා දී තිබේ.

අදාල නිළධාරියා ‘හලෝ’ යනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා අමතා ඇති අතර ඊටද උරණ වූ පොලිස් ස්ථානාධිපතිවරයා ‘හලෝ කියලද තෝ මට කතා කරන්නෙ’ යැයි බැනවදිමින් සිය හිතවතා මුදාහරින ලෙස පවසා තිබෙනවා. සිය ඉහළ නිළධාරියාගේ දැනුම්දීම මත අදාල රියදුරු මුදා හැරීමටයි අධිවේගී පිවිසුමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් කටයුතු කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...