ඉමදූව පොලිස් ස්ථානාධිපති බීමත් පුද්ගලයෙකු නිදහස් කරන්න නීතිය නවයි ! පහළ නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැනවදී !

Date:

තමා සමග එකට මත්පැන් බිව් පුද්ගලයෙකු නිදහස් කිරීම සඳහා ඉමදූව පොලීසියේ ස්ථානාධිපතිවරයා, තමා යටතේ සේවය කරන පොලිස් නිළධාරීන්ට බලපෑම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා. තම හිතවතා නිදහස් කරන ලෙස බලපෑම් කරන පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැනවදින ආකාරයද අදාල වීඩියෝවේ පැහැදිලිව සටහන් වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුම අසල රාජකාරියේ නිරතව සිටින පොලිස් නිළධාරීන් මෝටර් රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අධික ලෙස බීමත්ව සිටින බව තහවුරු වී තිබේ. අදාල රියදුරාද තමා බීමත්ව සිටින බව පිළිගෙන ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග එකට මත්පැන් පානය කළ බවයි.

ඉන්පසු පොලිස් නිළධාරීන් අදාල පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය ඉල්ලා ඇති අතර එය ගණන් නොගත් රියදුරා පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබාගෙන සිය ජංගම දුරකතනය රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් වෙත ලබා දී තිබේ.

අදාල නිළධාරියා ‘හලෝ’ යනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා අමතා ඇති අතර ඊටද උරණ වූ පොලිස් ස්ථානාධිපතිවරයා ‘හලෝ කියලද තෝ මට කතා කරන්නෙ’ යැයි බැනවදිමින් සිය හිතවතා මුදාහරින ලෙස පවසා තිබෙනවා. සිය ඉහළ නිළධාරියාගේ දැනුම්දීම මත අදාල රියදුරු මුදා හැරීමටයි අධිවේගී පිවිසුමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් කටයුතු කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...