භාරත ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් දැඩි සත්කාර ඒකකයේ

Date:

සම්මානලාභී භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර් මේ වනවිට මුම්බායිහි රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඇය කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්වයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරිදා අළුයම ඇය රෝහල්ගත කර ඇති අතර අද දිනයේදී දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මේ වනවිට 92 හැවිරිදි වියේ පසුව ලතා මංගේෂ්කාර් 13 හැවිරිදි වියේදී ගීත ගායනයට පිවිසි අතර දශක හතකට වැඩි කාලයක් තිස්සේ ඇය සිය හඬින් භාරතීයයන් පමණක් නොව සමස්ත ලෝකයම පිනවූවාය. 1969 වසරේදී ලතා මංගේෂ්කාර්ට පද්ම භූෂණ සම්මානය හිමිවිය.

ඇයගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ පවුලක් වශයෙන් ඇයට වඩා හොඳම දේ ලබාදීමට අවශ්‍ය බවයි. වෛද්‍ය උපදෙස් මත දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට තීරණය කළ බවද පවුලේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...