විරාත් කෝලිට අදත් සෙන්චරිය මගහැරෙයි

Date:

දකුණු අප්‍රිකා – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය අද ආරම්භ විය. ඒ කේප්ටවුන්හි නිව්ලන්ඩ් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගය දෙස බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි මෙම තරගයේදී හෝ සිය 71 වැනි ජාත්‍යන්තර ශතකය රැස් කරගනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින දක්ෂතම පිතිකරුවන් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන කෝලි වසර දෙකක සිට දැඩි ලකුණු හිගයකින් පෙළෙමින් සිටී. සිය ජාත්‍යන්තර ගමන තුළ අවස්ථා 70 කදී ලකුණු 100 සීමාවට ලඟා වූ කෝලි අවසන් වරට ජාත්‍යන්තර ශතකයක් වාර්තා කළේ 2019 වසරේ නොවැම්බර් 22 වැනිදාය. බංග්ලාදේශයට එරෙහිව කොල්කටා ක්‍රීඩාංගනයේදී පැවති ටෙස්ට් තරගයේදීය.

ඔහු අවසන් එක්දින ශතකය වාර්තා කළේ 2019 වසරේ අගෝස්තු 14 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පෝර්ට් ඔෆ් ස්පේන් ක්‍රීඩාංගනයේදීය.

2019 වසරේ නොවැම්බර් 22 වැනිදා සිට මේ දක්වා ඔහු ජාත්‍යන්තර පිටියේ අර්ධ ශතක 21 ක් රැස් කරගෙන ඇති නමුත් ඒ කිසිදු ඉනිමක් ශතකයක් කරා රැගෙන යාමට ඔහු අසමත් විය.

මෙම කාල සමය තුළදී එක්දින සහ 20/20 තරගවලදී ප්‍රමාණවත් දස්කම් දැක්වීමට සමත් වූ නමුත් ටෙස්ට් තරගවලදී ඔහුගේ බිඳවැටීම කැපී පෙනේ. අවසන් ටෙස්ට් ශතකයෙන් පසු ඔහු ටෙස්ට් තරග 15 කට සහභාගි වී තිබෙනවා. එම තරග 14 තුළදී ඔහු ලකුණු 20 හෝ ඊට අඩුවෙන් ලබාගත් ඉනිම් 14 ක් දක්නට ලැබෙන අතර ඉනිම 04 කදීම බින්දුවට දැවී ගොස් තිබෙනවා. මෙම තරග 15 තුළදී ඔහු කිසිදු ඉනිමක නොදැවී සිටීමට අසමත් වීමද කැපී පෙනේ.

සියලු තරග අංශ තුළදීම ඉනිමක ලකුණු 50 ඉක්මවන සාමාන්‍යයක් හිමි කරගෙන සිටින විරාත් කෝලි වැනි විශිෂ්ටයෙකුගෙන් මෙවැන්නක් ක්‍රීඩාලෝලීන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන අතර ඔහු සහභාගි වන සෑම ජාත්‍යන්තර තරගයක් දෙසම ක්‍රීඩාලෝලීන් දෑස් දල්වා බලා සිටින්නේ කෝලි සිය 71 වැනි ජාත්‍යන්තර ශතකය රැස් කරන තෙක්ය.

විරාත් කෝලි ඉන්දීය සීමිත ඕවර් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් බළධාරීන් පසුගියදා තීරණය කළ අතර මේ සඳහාද ඔහු පිතිකරුවෙකු ලෙස පෙන්වන දුර්වලතා යම් ප්‍රමාණයකට හේතු විය.

අද තරගයේදී කෝලි ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 79 ක් ලබා සිටියදී දැවී ගියේය. ඔහු අද අර්ධ ශතකය රැස් කළේ සිය ටෙස්ට් ජීවිතයේ මන්දගාමීම අර්ධ ශතකය බවට එය පත් කරමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...