නැගෙනහිර සරසවිය පළාතේ සංවර්ධන ක්‍රියාවලියට එක් වෙයි…

Date:

ඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩමුළුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උප්පුවේලි පිහිටි කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ(10) පෙරවරුවේ දී එය පැවැත්විණි.

නැගෙනහිර පළාත් ඉතිහාසයේ මෙවැනි වැඩමුළුවක් සංවිධාන කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. මෙම වැඩමුළුවේදී ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩසටහන් දියත් කිරීමේදී ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු ආකාරය, එම සංවර්ධන වැඩසටහන් තෝරාගැනීම සඳහා වන නිර්ණායක පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස මහාචාර්‍යවරුන් කරුණු පැහැදිලි කළහ.

කෘෂිකර්ම, ධීවර, බලශක්ති හා දේශගුණ විපර්යාසයන් යන අංශවලින් විවිධ පර්යේෂණ සිදුකල මහාචාර්යවරුන් විසින් එම විෂයන් පිලිබඳව පළාත් බලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර එම අදහස් හා යෝජනාද පදනම් කරගනිමින් ඉතා කඩිනමින් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුකාරවරිය ඒ මොහොතට පැමිණ සිටි ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කළහ.

මේ අවස්ථාවට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන ඒ.පතිනාතන්, ආචාර්ය ප්‍රේමකුමාර්, ආචාර්ය ප්‍රභාහරන්, ආචාර්ය ප්‍රියංකර මහතා ඇතුලු මහාචාර්යවරුන් පිරිසක්ද පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු පළාත් සභාවට අයත් සියලු ආයතන වල ප්‍රධානීන් එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...