මෙරට අර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් පුරෝකථනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): 2023 දී රටේ ආර්ථිකය සියයට 3.8 ක සෘණ වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබූණි.

නමුත්, 2022-2023 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ද පහත වැටී ඇතැයි ඇස්තමේන්තු කර ඇතත්, ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියක් ලබා ඇති බව ලෝක බැංකුව පවසයි.

නමුත්, 2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7 කින් සහ 2025 දී සියයට 2.4 කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරන බව ඊයේ නිකුත්කළ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, විශේෂයෙන්ම පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මධ්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරි දැක්ම අවිනිශ්චිතව පවතින බව එහි සඳහන් වේ.

මේ අතර ණය ප්‍රතිව්‍යුගත කිරීම පිළිබඳ කටයුත් ඉදිරි මාස දෙක තුළදී අවසන් වෙනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා පසුගියදා පවසා තිබිණි. ඒ අනුව එම කටයුත් අවසන් වීමෙන් පසුව පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පියවරයන් ගැනීම සිදුවෙනු ඇති බවද සඳහන් වේ.

මේ අනුව ලෝක බැංකුව පවසන්නේ, දකුණු ආසියාවේ වර්ධන වේගය 2023 දී සියයට 5.7 දක්වා සුළු වශයෙන් අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතත්, එය නැගී එන වෙලඳපොලවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික කලාප අතර වේගවත්ම බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...