සංචාරයක් සඳහා මහනුවරට පැමිණි ඈන් කුමරිය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගනී!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 11,
මහනුවර (LNW): නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි එක්සත් රාජධානියේ ඈන් කුමරිය අද ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තාය.

වැඩබලන දියවඩන නිලමේ මහින්ද දෑල මහතා පිච්ච මල් වට්ටියක් ලබා දෙමින් ඈන් කුමරිය පිළිගන්නා ලදි. කුමරිය සහ ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රෙය්දී සිය නිල සංචාරය සනිටුහන් කරමින් සමරු පොතේ සටහන් ද තැබීය.

මෙම වර්ෂයේදී රාජකීය අමුත්තෙකු ශ්‍රී දළදා මාලිගාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ඒ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...