දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් වී නැතැයි ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.

එහි සභාපති ධම්මික අලහප්පෙරුම පවසන්නේ ආයතන , නිලධාරීන් කුමණ කුමන්ත්‍රණ කළත්, ඒවාට සම්බන්ධ වී සිටියත් එය අනාවරණය වන පළමු පැයේදීම පරාජය කිරීමට සමත් ආණ්ඩුවක් පවතින බවයි.

”පළමු දේ තමයි මේ වරද හරි, මේ අතපසුවීම හරි, කුමන්ත්‍රණය හරි පරජය කළා. පළමු පැයේම මේ පරාජය කිරීම කළා. දරුවාගේ අතට මේ පොත යාම වැලැක්වුවා. දරුවාගේ අධ්‍යාපනයට මෙතන කිසිදු බාධාවක් මෙතන සිද්ධ වෙලා නැහැ. ඉදිරියේදී කුමනාකාර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණත් එය පරාජය කරන්න සමත් ආණ්ඩුවක් අපිට තියෙනවා. ඒක නිවැරදි කරන ආණ්ඩුවක් අපිට තියෙනවා. පටු අරමුණුවලින් තොරව දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් එය පරාජය කරන්න සූදානම් ආණ්ඩුවක් තියෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රධාන විශ්වාසය. ආයතන කොයි තරම් දුර්වල වුණත් ආයතන කොයිතරම් කුමන්ත්‍රණ කළත් ආයතන කොයිතරම් දුරට මේ කුමන්ත්‍රණවලට සහභාගී වී සිටියත් නිලධාරීන් සම්බන්ධ වී සිටියත් රටට හෙළිදරව් වන පළමු පැයේදී ඒ කුමන්ත්‍රණ පරාජය කරන්න ආණ්ඩුව සූදානම්” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...