2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)

Date:

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්‍රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඒ, අද (12) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එම ප්‍රතිසංස්කරණය සඳහා වැය වන්නේ ඩොලර් මිලියන 45ක් පමණ වන අතර ඩොලර් ණයක් ගත යුත්තේ එවැනි කටයුත්තකට බවයි හදුන්නෙත්ති මහතා සඳහන් කළේ.

රට තුළ තිබෙන සම්පත් අනුව ශ්‍රී ලංකාව ණය ගන්නා රටක් නොව ණය දෙන රටක් බවට පත් කළ හැකි අතර මේ රටේ මිනිසුන් තෙල්,ගෑස් පෝලිම් වල යුතු නැති බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් ගිවිසුම් හරහා රටේ සම්පත් විකිණීම කළහොත් 2072 දීද පෝලිමේ සිටීමට සිදුවන බව හෙතෙම අවධාරණය කරන ලදී.

”පුළුවන් නම් වන්දනාවේ යන ගමන් හරි අපේ රටේ මිනිස්සු ගිහින් බලන්න මේ තෙල් ටැංකි ටික. යන්න පුල්මුඩේ ඛනිජ වැලි නිධිය බලන්න. දරුවෝ එක්කගෙන යන්න. අන්න එදාට පේනවා මේවා හදාගත්තොත් අපේ රට ණය නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ ණය ගන්න ඕන රටක් නෙවෙයි. අනිත් රටවල් වලට ණය දෙන්න පුළුවන් රටක්. ඒක කරන්න පුළුවන්. භූතානයට මෙහෙම සම්පතක් නැහැ. මාලදිවයිනට මෙහෙම සම්පතක් නැහැ. නේපාලයට මෙහෙම සම්පතක් නැහැ. මේක අපට හම්බවුණ සම්පතක්. දෙවන ලෝක යුද්ධයේ අතුරුඵලයක් හැටියට හරි අපට හම්බවුණ සම්පතක් මේක. අපේ රටේ මිනිස්සු තෙල් පෝලිමේ ඉන්න ඕනේ නැහැ. ගෑස් පෝලිමේ ඉන්න ඕනේ නැහැ. හැබැයි මේවා ගිවිසුම් ගහල දුන්නොත් නම් 2072දීත් අපට පෝලිමේ ඉන්න වෙනවා.”

මේ වන විට රට තුළ ඩොලර් නොමැතිකම නිසා පොහොර,විදුලිය,ගෑස් ආදිය නොලැබෙමින් තිබෙන අතර එවැනි තැනකට රට පත් වූවා නොව පත්කර ඇති බව හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...