මහබැංකු බැඳුම්කර නඩුව කැදවීමට නියෝග!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පසුගිය යහපාලන කාලයේ සිට විශාල ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 28 වන දින කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මෙම නඩුකරය අද (02) ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන අයද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කෙසේ වෙතත්, මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය මීට පෙර තීරණය කර තිබුණි.

මෙම නඩු විභාගයේදී ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, නඩුකරයට අදාළ ඇතැම් ලේඛන තමන්ට තවමත් ලැබී නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, ඊළඟ නඩු දිනයට පෙර විත්ති පාර්ශ්වය වෙත අවශ්‍ය ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාට නියෝග කරන ලදී.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...