යේමනයේ Houthi කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර!

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ හමුදා යේමනයේ Houthi කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට ඉරානයේ පිටුබලය ලබන Houthi කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ මෙම ආක්‍රමණය හේතුවෙන් ඔවුන්ට දැඩි වන්දියක් ගෙවීමට සිදුවන් බව Houthi කැරලිකරුවන්ගේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවා ඇති බවද සඳහන් වේ.

රාජකීය ගුවන් හමුදාවේ යුධ ගුවන් යානා හමුදාවට ඉලක්කගත ප්‍රහාර සිදු කිරීමට උදව් කළ බව එක්සත් රාජධානියේ අගමැති පවසන අතර, මෙහෙයුමේ කොටසක් ලෙස නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බහරේනය සහාය ලබා දුන් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ Houthi කැරලිකරුවන් බොහෝ ප්‍රදේශ පාලනය කරන අතර ඊශ්‍රායලයට යන නැව් ගමනාගමනය ඉලක්ක කර ගනිමින් මිත්‍ර හමාස් සංවිධානයට සහාය දක්වන බව ට ද තොරතුරු වාර්තා කර ඇත.

ඕස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය, නවසීලන්තය, කොරියානු ජනරජය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල රජයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇති බවද සඳහන් වේ.

එම ප්‍රකාශයේ සඳහන්ව වී ඇත්තේ, Houthi කැරලිකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සම්මුතිය උපුටා දක්වමින් රතු මුහුදේ නැව්වලට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...