ජනාධිපති හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක – සභාපති ධූරයත් වෙනස් වෙන හැඩ!

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත අතර එහි නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

ඊට මෙම සමාගමේ බහුතර කොටස් හිමි මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එම නිර්දේශය ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතුව ඇති නිසා තවමත් නව සභාපති වෙනුවෙන් අනුමැතිය හිමිව නැති බව සඳහන්.

ගෑස් සංයුතිය වෙනස් වීම නිසා ගෑස් කාන්දු වීම මත දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වූ අතර තවදුරටත් එහි අවසානයක් දක්නට නොමැති හෙයින් විශේෂයෙන් ලිට්‍රෝ සමගම වෙත එල්ල වූයේ බරපතල චෝදනාවක්.

මෙලෙස ගෑස් පිපිරීමේ සිදුවීම් පසුපස ලිට්‍රෝ සමාගම බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ඇති බවට ලිට්‍රෝ සුරැකීමේ සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

මේ සියලු සිදුවීම් අතරතුර අද (13) හදිසියේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණයකට එක්ව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...