ජනාධිපති හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක – සභාපති ධූරයත් වෙනස් වෙන හැඩ!

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත අතර එහි නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

ඊට මෙම සමාගමේ බහුතර කොටස් හිමි මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එම නිර්දේශය ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතුව ඇති නිසා තවමත් නව සභාපති වෙනුවෙන් අනුමැතිය හිමිව නැති බව සඳහන්.

ගෑස් සංයුතිය වෙනස් වීම නිසා ගෑස් කාන්දු වීම මත දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වූ අතර තවදුරටත් එහි අවසානයක් දක්නට නොමැති හෙයින් විශේෂයෙන් ලිට්‍රෝ සමගම වෙත එල්ල වූයේ බරපතල චෝදනාවක්.

මෙලෙස ගෑස් පිපිරීමේ සිදුවීම් පසුපස ලිට්‍රෝ සමාගම බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ඇති බවට ලිට්‍රෝ සුරැකීමේ සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

මේ සියලු සිදුවීම් අතරතුර අද (13) හදිසියේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණයකට එක්ව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...