රාජ්‍ය ඇමතිගේ උත්සවය කැබිනට් ඇමතිගේ ප්‍රධානත්වයෙන් – විමලවීර දිසානායක පරළ වෙයි

Date:

වනජීවී රැකවරණ, අලිවැට හා අගල් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට බැනවැදී තර්ජනය කර ඇති බව වාර්තා වේ. මෙසේ බැනවැදී තිබෙන්නේ උත්සවයක ප්‍රධානත්වය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙනි.

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ අලි පැටවුන් කිහිප දෙනෙකුට නම් තැබීම සඳහා උත්සවයක් සංවිධානය කර ඇති අතර එම උත්සවය සංවිධානය කර තිබෙන්නේ විමලවීර දිසානායක ඇමතිවරයාගේ රාජ්‍ය අමාත්‍යංශය සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගිනි. මෙම උත්සවය රාජ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් උත්සවය පැවැත්වෙන බැවින් එය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට තීරණය කර ආරාධනා පත්‍ර ද මුද්‍රණය කර තිබෙනවා.

අදාල අලි පැටවුන් සඳහා නම් යෝජනා කර තිබෙන්නේද රාජ්‍ය ඇමතිවරයා විසිනි.

කෙසේ නමුත් ආරාධනා පත්‍රයේ සඳහන්ව තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ආරාධනයෙන් වනජීවී කැබිනට් අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන බවයි.

මේ පිළිබඳව උරණ වූ විමලවීර දිසානායක මහතා දුරකතනයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අමතා බැනවැදී තිබෙනවා.

මතු වූ අර්බුදකාරී තත්වය හේතුවෙන් කැබිනට් ඇමතිවරයා මෙන්ම රාජ්‍ය ඇමතිවරයාද උත්සවය සඳහා සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...