නොරොච්චෝලේ ලෙඩ ගැන හොයන්න චීන විශේෂඥයෙක් ලංකාවට

Date:

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා චීන විශේෂඥයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඔහුගේ පැමිණීමෙන් පසුව අක්‍රියව තිබෙන ජනන යන්ත්‍රය යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවට විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විස්වාසය පළ කරනවා.

මෙම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුව අඛණ්ඩය මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු වන අතර ඉන්පසු අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බවද සභාපතිවරයා පවසයි.

පසුගිය දිනවලදී විටින් විට විදුලිය අත්හිටුවීමට සිදු වූ අතර ඊට ප්‍රධාන හේතුවක් වූයේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර අක්‍රියවීමයි. මේ වනවිට ජල විදුලි ධාරිතාවයද පහත බැස ඇති අතර කැලණිතිස්ස තාප බලාගාරයේදී ගැටලු මතු විය.

මේ අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්අඟුරු සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් නොමැති බවද ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරනවා. ලබන මැයි මාසය දක්වා අවශ්‍ය ගල්අඟුරු තොග විදුලිබල මණ්ඩලය සතුව පවතින බවත්, වසරේ ඉතිරි කාලය සඳහා අවශ්‍ය තොග ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සභාපතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...