නොවැම්බර් 19 දක්වා නාමල් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නොවැම්බර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

‘එයාර්බස්’ (Airbus) සිද්ධියට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.

තවද, නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමකින් තොරව අදාළ නඩුවේ මුල් ලිපිගොනුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත අධිකරණය විසින් දැන්වීමක් ද නිකුත් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

​ආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල්

කොළඹ LNW:''භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි...

සුව සේවාවට අලුතෙන් 223 දෙනෙකු එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස...

හංගේරියාව සෙලවූ මහා දූෂණ විමර්ශනය: වනාන්තරවල වලදමා තිබූ ඩොලර් මිලියන ගණනක අභිරහස

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: ඝන අන්ධකාරය රජයන රාත්‍රී...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය...