*
Monday, October 14, 2024
spot_img

Latest Posts

රටේ දළ දේශීය නිෂ්පාදිතය 2023 දී නැවත හැකිලෙයි ද?

රුපියල කඩා වැටෙමින් ආනයනය තියුනු ලෙස හැකිලෙන අතර, විදේශ ණය ගෙවීම සඳහා ආහාර සහ ඉන්ධන ආනයනය ආවරණය කිරීමට අවශ්‍ය විදේශ විනිමය රජයට අවසන් වීම නිසා 2022 දී ශ්‍රී ලංකාවේ දළ සංවර්ධන නිෂ්පාදනය 9.2% කින් පහත වැටී ඇතැයි ගණන් බලා ඇත.

කෘෂිකර්මය 8.7% කින්, කර්මාන්ත 21.2% කින්, සහ සේවා 2.6%කින් පහත වැටුණි.

ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2022 දී 9.2 % කින් සහ 2023 දී 4.2% කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2022 දී ආර්ථිකය 8% කින් පමණ හැකිලෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කරයි. 2023 ජනවාරි මාසයේ එහි (Global Economics Prospects ) ගෝලීය මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා ජාතිය මුහුණ දෙන ආහාර, බලශක්ති සහ වෛද්‍ය සැපයුම්වල අඛණ්ඩ හිඟය පිළිබඳව බලධාරීන් විසින් ස්ථායීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතරතුර ඒ පිළිබඳ කණගාටුව පළ කළේය.

අර්බුදය සහ එහි ප්‍රතිවිපාක දරිද්‍රතාවය වැඩි කර ඇති අතර පසුගිය දශකය තුළ රටේ ආදායම් ඉපැයීම්වලින් වැඩි ප්‍රමාණයක් ආපසු හැරවූ බව ප්‍රකාශ කරමින් ලෝක බැංකුව සඳහන් කළේ වැදගත් විදේශ විනිමය මූලාශ්‍රයක් වන සංචාරක පැමිණීම් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජාත්‍යන්තර පැමිණීමත් සමඟ අඛණ්ඩව අවපාතයට පත්ව ඇති බවයි.

මේ වසරේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය 4.2 % කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරයි. පවතින විදේශ මුදල් හිඟය, ඉහළ උද්ධමනයේ බලපෑම් සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් 2023 වර්ධනය සඳහා වන පුරෝකථනය සංශෝධනය කර ඇත.

ගෝලීය මූල්‍ය ආයතනය දකුනු ආසියාව සඳහා වූ ඉදිරි දැක්මේ සඳහන් කළේ,

◾රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම.
◾ ගෝලීය අනුපාත ඉහල යාම.
◾ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ වර්ධනය දුර්වල වීම.

වැනි හේතු නිසා කලාපය දිගින් දිගටම අහිතකර ලෙස බලපාන බවයි.

ලෝක බැංකුවට අනුව, ශ්‍රී ලංකාව සහ පකිස්තානය වැනි කලාපයේ ආර්ථික තත්ත්වයන්හි පිරිහීම දරිද්‍රතාවයේ සැලකිය යුතු ඉහළ යාමට හේතු වී ඇත.

බොහෝ කුටුම්භයන් අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය කරන අතර ඉන්ධන සලාකනය කර ඇති බැවින් සහ විදුලිය ඇනහිටීමද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

දකුණු ආසියානු කලාපයේ, විශේෂයෙන් පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ ආහාර මිල ඉහළ යාම සම්බන්ධයෙන් ලෝක බැංකුව ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය කලාපයේ ආහාර අනාරක්ෂිත භාවයේ සිදුවීම් වැඩි කර ඇති බවයි. “උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිත ය, එය 2019 දී දහයෙන් එකකට වඩා අඩුය.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan