” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW :

දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණුන් ” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක් 2026 ජනවාරි මස 15 දින දඹුල්ල පැල්වෙහෙරදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙහිදී සංචාරකයින්ට ආපනශාලා පහසුකම් භුක්ති විදිමින් දඹුල්ල,සීගිරිය කලාපය තුළ සංචාරය කිරීමට අවකාශය සලසා දී තිබේ. මෙම බස් රථය පැල්වෙහෙරින් ගමන් ආරම්භ කර දිගම්පතහ, කිඹිස්ස, සීගිරිය, ඉනාමළුව හරහා නැවත පැල්වෙහෙර දක්වා පැමිණීමට සැලසුම් කර තිබේ.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙම සංකල්පය භාවිත කරන අතර දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට ප්‍රවේශවන සංචාරකයින්ට මෙය අලුත් අත්දැකීමක් එක් කරයි.

මධ්‍ය පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම මත මෙම “Dambulla Bustaurant” ක්‍රියාත්මකවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...

නාමල්ට අල්ලස් දුන් බව කියන ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ට රුපියල් මිලියන 70ක...