ඕස්ට්‍රේලියාව උණුසුම්

Date:

පසුගිය ​බ්‍රහස්පතින්දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝහි උෂ්ණත්වය දකුණු ඕස්ට්‍රේලියාවේ 1962 දී පිහිටුවන ලද උෂ්ණත්ව වාර්තාවකට සමාන අගයක පැවතිනි.එම ප්‍රදේශයේ වෙරළබඩ නගරයක උෂ්ණත්වය 50.7C (123.26F) වාර්තා වීම මෙසේ සනිටුහන් විය.

ඔන්ස්ලෝ දේශීය වේලාවෙන් 14:26ට මෙම උෂ්නත්ව අගය සම කළ බව කාලගුණ විද්‍යා කාර්යාංශය බ්‍රහස්පතින්දා තහවුරු කළේය.එර ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, වසරේ මේ අවස්ථාවේ ඔන්ස්ලෝ හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5 ක්ව සහන්ව පැවතියත් මෙම වසරේ තත්වය දැඩිව වෙනස් අගයක් ගෙන තිබේ.බටහිර ඔස්ට්‍රේලියාවේ පසුගිය මාසයේ විශාල ලැව්ගිනි වාර්තා වීම සිදු වූයේද මෙම අධික උෂ්ණත්වය හේතුවෙනි.එම කලාපයේ තවත් නගර දෙකක් වන Mardie සහ Roebourne බ්‍රහස්පතින්දා සෙල්සියස් අංශක 50 ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා විය.

ඕස්ට්‍රේලියාවේ වාර්තාගත උණුසුම් තත්වය වාර්තා වන්නේ,පසුගිය වසර හත තුළ වාර්තාගත උණුසුම්ම කාලය බව යුරෝපා සංගමයේ චන්ද්‍රිකා පද්ධතියේ වාර්තාවක් තහවුරු කිරීමෙන් දින කිහිපයක් ඉක්මවීමෙන් පසුවයි.

2030 වන විට ඕස්ට්‍රේලියාවේ පිල්බරාහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය අංශක 0.6 සිට 1.5 දක්වා වැඩි වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.ඉදිරි දින කිහිපය එරට පර්ත් නගරය සිසිල් වනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2021 අවසානයේ පර්ත් ප්‍රාන්ත අගනුවර නත්තල් සමයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 40 ට වඩා ළඟා විය.

OUTBOUNDTODAY – SAHAN HEWAGAMAGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...