කළුවර ඇයි විජිතයම අපේ : අදත් විදුලිය කප්පාදු කෙරෙන ලකුණු ?

Date:

ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇති පරිදි ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් අද (14) දිනයේදී ලබා නොදුනහොත් අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඉන්ධන නොමැති වීම නිසා තාප විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීම් සිදුවිය.

මේ වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් තමන්ට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇති අතර එම ඩීසල් තොගය ලබා දුනහොත් යම්තාක් දුරකට විදුලිය බිඳවැටීම් අවම කරගත හැකි බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් දැවිතෙල් හිඟයක් ද උද්ගතව ඇති හෙයින් ඉදිරියේදී විදුලි අර්බුදය තවත් උඝ්ර වියහැකි බව ද විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...