Friday, March 31, 2023
spot_img

Latest Posts

පාස්කු ප්‍රහාරයට දින 1000 යි !

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී අදට (14) දින 1000 ක් සපිරේ. මෙම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව 270කට ආසන්න ය.

මෙම ප්‍රහාරයට දින 1000ක් සපිරෙන අද දිනයේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික මට්ටමේ දේවමෙහෙයක් පැවැත්වීමට නියමිතය. ඒ, රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පෙරවරු 10.00 ටය.

එසේම මෙම ප්‍රහාරයෙහි වින්දිතයින්ට තවමත් සාධාරණයක් ඉටු නොවීම පිළිබඳ අවධාරණය කරමින් අද දිනයේදී දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

2019 අප්‍රේල් 21 වැනිදා මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල යන ස්ථානවල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කෙරුණු අතර මීට අමතරව එක් බෝම්බකරුවෙකුගේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස වැටළීමට පොලිසිය ගිය අවස්ථාවේදී එහි ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.