*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අවුරුද්දේ අන්තිම කාලෙත් නාඩු 105 ට දෙනවා – බන්දුල

වෙළඳපොලේ සහල් මිල කෙතරම් ඉහළ ගියද ඉතා අඩු මිලට සහල් අලෙවි කිරීමට සතොස හරහා කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව මෙම වසර අවසන් වනතෙක් නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් සහ සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130 ට අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

වසර අවසානය තෙක් ඊට වඩා සතයක් හෝ මිල ඉහළ නොදමන බවත් ඒ පිළිබඳව වගකීම වෙළඳ අමාත්‍යවරයා ලෙස තමා බාර ගන්නා බවත් ඔහු සඳහන් කරනවා. ඉදිරි කාලයේදී සතොස අලෙවිසැල්වල අලෙවි කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් සහල් තොග මේ වනවිටත් රැස් කරගෙන ඇති බවයි ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ වනවිට විවෘත වෙළඳපොලේ දේශීය සහල් වර්ග කිසිවක් රුපියල් 150 ට අඩුවෙන් මිලදී ගැනීමට නොමැති අතර රතු කැකුළු සහල් මිලද රුපියල් 170 ඉක්මවා තිබෙනවා. මේ වනවිට දිනපතා සහල් මිල ඉහළ යමින් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල උදෑසන සහ සවස ලෙස දිනකට දෙවරක් සහල් මිල සංශෝධනය වේ.

මේ අතර සතොස හරහා මුං ඇට කිලෝවක් රුපියල් 225 බැගින් අලෙවි කරන බවද බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආණ්ඩුව ගොවීන්ගෙන් රුපියල් 450 බැගින් මුංඇට මිලදී ගන්නා නමුත් රුපියල් 225 බැගින් එම මුංඇට අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත්, එම උපදෙස් අනුව පාඩුව දරා ගනිමින් රුපියල් 225 බැගින් සතොස අලෙවිසැල්වල මුංඇට අලෙවි කරන බවත් ඇමතිවරයා පවසනවා.

ඇමතිවරයා මෙසේ පැවසුවද පාරිභෝගිකයන් පවසන්නේ බොහෝ සතොස අලෙවිසැල්වල මිලදී ගැනීමට භාණ්ඩ නොමැති බවයි. සහල් ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගත හැකි ප්‍රමාණයද සීමා කර තිබේ. බොහෝ ප්‍රදේශවල සීමා කර ඇති ප්‍රමාණය හෝ ලබාගත නොහැකි බව පාරිභෝගිකයන් පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan