Tuesday, October 3, 2023
spot_img

Latest Posts

ජල විදුලි නිෂ්පාදනය බින්දුවට, පැය 24 ම අඳුරේ ඉන්න ලෑස්ති වෙන්න – රන්ජන් ජයලාල්

වත්මන් ආණ්ඩුවේ සහ විදුලිබල මණ්ඩලයේ අවිධිමත් කළමනාකරණය හේතුවෙන් ඉදිරියේදී පැය 24 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසන්නේ ඉදිරියේදී ජල විදුලි උත්පාදනය සම්පූර්ණයෙන් ඇණහිටිනු ඇති බවයි. මෙම වසරේ ඉදිරි කාලය තුළ ප්‍රමාණවත් ජල ධාරිතාවයක් විදුලිය උත්පාදනය කිරීම සඳහා භාවිතා කරන ජලාශවලට නොලැබෙනු ඇති බවත් වර්ෂාව ලැබුණද මාසයකට හෝ ප්‍රමාණවත් ජල ධාරිතාවයක් ගබඩා කර ගැනීමට නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

පසුගිය කාලයේදී ලැබුණු අධික වර්ෂාවෙන් ජලාශ සියල්ල පිරී ගියද එම ජල ධාරිතාවය සති දෙකක කාලයකටවත් ප්‍රමාණවත් නොවූ බව පෙන්වා දෙන රන්ජන් ජයලාල් මහතා පවසන්නේ ජලාශවල අධික ලෙස රොන්මඩ පිරී ඇති බවයි.

සාමාන්‍යයෙන් වසර පහකට වරක් වර්ෂාව අවම කාල සීමක් උදාවන බැවින් ඊට සූදානම් විය යුතු නමුත් විදුලිබල මණ්ඩලය ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම්ව නොමැත. මේ වනවිට ඩීසල් භාවිතා කර විදුලි උත්පාදනය කිරීමද අර්බුදයට ගොස් ඇති අතර ඉතිරි වී ඇති එකම විකල්පය හැකිතරම් ගල් අඟුරු බලාගාරවලින් විදුලි ඉල්ලුම සපුරාලීමයි. කෙසේ නමුත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විටින් විට බිඳවැටීම් සිදුවන අතර ගල්අඟුරු මිලදී ගැනීමද අර්බුදයට ගොස් තිබෙනවා.

රට අඳුරට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග සූදානම් කරන්නැයි විදුලි බළධාරීන්ට කෙතරම් අනතුරු ඇඟවීම් සිදු කළද ඔවුන්ට ඊට කන්දීමට සූදානම් නොමැති බවත්, මෙම තත්වය මත පැය 24 පුරා විදුලිය නොමැතිව රටම අඳුරේ තැබෙන යුගයක් උදාවන බවත් ජයලාල් මහතා සඳහන් කරනවා. ගෑස් පෝලිම්වල, හාල් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල රස්තියාදු වන ජනතාවට අඳුරේ සිටීමට සිදුවන යුගයක්ද උදාවන බවත් ඒ සඳහා සූදානම්ව සිටින්නැයි අකමැත්තෙන් වුවද ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.