ඖෂධ හිඟය බරපතළයි. රෝගීන් මරණයට පත්වීම දිනෙන් දින වැඩිවෙනවා – GMOA (VIDEO)

ඉතාම සරල ඖෂධ වර්ග පවා රෝහල්වල නොමැති වීම හේතුවෙන් සායනික රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ නිලධාරීන් මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් අජන්ත රාජකරුණා මහතා,

“රෝගීන් දිනෙන් දින මියගියා, නමුත් කිසිදු බලධාරියෙක් ඒකට කිසිදු පියවරක් ගත්ත බවක් පේන්න නැහැ. ඉතාම සරල ඖෂධ නැති නිසා සායනවල රෝගීන් දිනෙන් දින මරණයට පත්වීම වැඩිවෙනවා. බෝ නොවෙන රෝග සහිත සියලුම රෝගීන්ට මේ අනතුර තියෙනවා” යැයි පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික තේජන සෝමතිලක මහතා පැවසුවේ

“මේ සායනවල ප්‍රතිකාර සඳහා එන දියවැඩියා රෝගීන් විශාල ප්‍රමාණයක් මේ මික්ස්ටාඩ් ඉන්සියුලින් කියන ඉන්සියුලින් වර්ගය තමයි ලබාගන්නේ. ඒ ඉන්සියුලින් එකක් එළියේ රුපියල් 2000 කට අධික මුදලක් වෙනවා. අද වෙනකොට මේ මික්ස්ටාඩ් ඉන්සියුලින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නැහැ. විශේෂයෙන්ම සායනික ප්‍රතිකාර සඳහා එන රෝගීන්ට අධික මුදලක් වැය කරලා මේ ඉන්සියුලින් වර්ගය පිටින් ගන්න වෙලා තියෙනවා. මේ ඖෂධය නොගැනීම නිසා දියවැඩියා රෝගියකුගේ ජීවිතයට පවා තර්ජනයක් ඇතිවෙන්න පුළුවන්” යනුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...