*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුව කල් දැමේ? ඩයනා නැතුව රනිල්ට පාලුයිලු? – සජිත් උපන්දිනය සැමරූ හැටි – හදිසි මහමැතිවරණයකට විපක්ෂය සැරසෙයි – මියුසියස් රජයට පවරගන්නැයි ඉල්ලීමක් – අනුරගෙන් ජනපතිට චෝදනා – අත්අඩංගුවට පත්වීමට නියමිත ප්‍රබලයා

  • පාර්ලිමේන්තුව කල් දැමේ?
  • ඩයනා නැතුව රනිල්ට පාලුයිලු?
  • සජිත් උපන්දිනය සැමරු හැටි
  • රාජිතගේ නිහැඬියාව
  • හදිසි මහමැතිවරණයකට විපක්ෂය සැරසෙයි
  • ජනපතිගේ අභ්‍යන්තර සැලසුම
  • මියුසියස් රජයට පවරගන්නැයි ඉල්ලීමක්
  • අනුරගෙන් ජනපතිට චෝදනා
  • අත්අඩංගුවට පත්වීමට නියමිත ප්‍රබලයා

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ලෝක බල තුලනය වෙනස් වෙමින් තිබේ. එම බලතුලනය වෙනස්වීමේ බලපෑම වලින් මිදෙන්නට ශ්‍රී ලංකාවට කිසිසේත් හැකියාවක් නොමැත. ශ්‍රී ලංකාවේ පිහිටීම හා ඒ හේතුවෙන් ඇතිවූ චීන බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට බොහෝ බලපෑම් එල්ලවූ බව රහසක් නොවේ. අද වන විට ඇමරිකා එක්සත් ජනපදය , චීනය හා ඉන්දියාව ශ්‍රී ලංකාව තම න්‍යායපත්‍ර වල ප්‍රධානතම කොටසක් කර ගෙන ඇත. ඉන්දියාවට ආසන්නව පිහිටීම නිසා ඉන්දියාව තම ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා සෑම තීරනයකටම ශ්‍රී ලංකාව ප්‍රධාන සාධකයක් කොට ගනී.

තායිවාන ජනාධිපතිවරණයෙන් චීන විරෝධී ඇමරිකානු හිතවාදී විලියම් ලායි ජයග්‍රහණය කිරීම මෙන්ම මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් චීන හිතවාදී ජනාධිපතිවරයකු තේරී පත්වීම හා ඉන්පසුව ඇතිවී තිබෙන තත්වය අනුව ශ්‍රී ලංකාවේ මීළඟ මැතිවරණ සම්බන්ධයෙන් සිදුවන ජාත්‍යන්තර බලපෑම සිතාගත නොහැකි තරම්ය. එම නිසා ඉදිරි කාලයේ ශ්‍රී ලංකා දේශපාලනය උඩු යටි කුරු වන අවස්ථා ගණනාවක් දැක ගැනීමට ශ්‍රීලාංකික අපට සිදුවනු ඇත. ඇතැම්විට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා හදිසියේම ඉල්ලා අස්වීම වැනි සිදුවීම් ඉදිරිකාලය තුළ තවදුරටත් සිදුවීමට ඉඩ කඩ තිබේ. කෙටියෙන් කිවහොත් මතුපිටින් පෙනෙනවාට වඩා හාත්පසින්ම වෙනස් කාරනා මේ බොහෝ සිද්ධීන් පසුපස තිබීමට ඉඩකඩ වැඩිය. එම නිසා අවසානයේ තිරය පිටුපස සිටින තැනැත්තන් ඉදිරියට පැමිණ ජනතාව නොසිතූ දෙයක්ම සිදුවීමේ ඉඩකඩ පවා බැහැර කරන්නට අපහසුය.

පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ?

පාර්ලිමේන්තුව ජනවාරි 23 හා 24 දෙදෙනා රැස්වීමෙන් අනතුරුව වාර අවසන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඉන්පසුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මාස 2 ක් දක්වා කාලයක් පාර්ලිමේන්තුව කල් දැමීමේ අවස්ථාව තිබේ. මෙවන් ආරංචි පැතිර යන්නේ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට විශාල පිරිසක් එක්වීමේ සුදානමක් මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් විසුරුවා හැරීම සම්බන්ධයෙන් කතාබහක් පැතිර යන අතරේය.

විපක්ෂය මෙන්ම පොහොට්ටුවේ බොහෝ දෙනාගේද අරමුණ මුලින් මහා මැතිවරණයක් ලබා ගැනීමය. ඇමතිවරුන් පිරිසක් ඊට විරුද්ධ බව පැවසෙන්නේ තම වරප්‍රසාද නැතිවීම ගැන බියෙනි. ඒ අතරේ තම විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වසර පහක් සම්පුර්න නොකළ ඇතැම් මන්ත්‍රීවරු බියට පත්ව සිටිති. එහෙත් කවුරුන් මීලග ජනාධිපති වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකට වහාම යන බැවින් වසර පහ සම්පුර්ණ කරන්නට නොහැකිවන බවද කියවේ.

ජනාධිපතිවරණය – මහා මැතිවරණය හා පළාත් සභා ගැන රනිල් කියයි

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරියේ මහ මැතිවරණය පැවැත්වීමටද 2025 මාර්තු මාසයේ පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප කළමනාකරණ කමිටුවේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත්වන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ,ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය වැදගත් වන්නේ වර්තමාන ජනාධිපතිවරයා යලිත් තරග නොකරන බවට මතයක් පසුගිය මාස කීපය පුරාම දේශපාලන තලයේ පැතිර ගිය නිසාය. මේ හේතුවෙන් ඔහු සමඟ සිටි ඇමතිවරු දැඩි අසරණ තත්වයට පත්ව සිටි අතර තමතමන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි අවදානම් තත්වයක් මතුවී තිබිණි. ඒ සමඟම මෙතෙක් ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතුකළ ඇතැම් ඇමතිවරු හා දේශපාලනඥයින් පවා මීලග මහා මැතිවරණයට තරග කිරීම සඳහා විවිධ පක්ෂ සාකච්ඡා පවා ආරම්භ කර තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කුමක් පැවසුවද මහා මැතිවරණය තීරණය කරන්නේ මීළඟට පත්වන ජනාධිපතිවරයාය. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් කවුරුන් හෝ ජනාධිපතිවරණය ජයගත්තද වහාම සිදු කරන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වාසිය ලබා ගෙන වහාම පාර්ලිමේන්තුව විසුරුවා තමන්ට අවශ්‍ය පාර්ලිමේන්තුවක් විශාල වැඩි බලයක් සමඟින් පත් කර ගැනීමය.

ඒ අතරේ ජූලිමස මැදදී ජනාධිපතිවරණය කැඳවීම මැතිවරණ කොමිසම විසින් සිදු කරන අතර ඉන්පසු සැප්තැම්බර් 27 හෝ ඔක්තෝබර් 7 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමේ සුදානමක්ද පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවසතව අනුව නව ජනාධිපතිවරයා ඔක්තෝබර් 18 වැනිදාට පෙර පත්විය යුතුය.

රනිල්ගේ ඇත්ත මැතිවරණ සැලසුම

IMF මීළඟ ණය වාරිකය ඉදිරියේදී ලැබීමට නියමිතය. එසේම ණය හිමියන් අතරින් ඇතැම් රටවල් ණය කොටසක් හැරීමට මේ වන විට එකඟ වී තිබේ. බංකොලොත්භාවයෙන් මිදීමත් සමඟ තවත් ණය ගැනීමට බාධාවක්ද නැත. එවිට රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස පහල බසිනු ඇත. එවිට බදු මිල අඩු කරන්නටත් විදුලි බිල තවදුරත් අඩු කරන්නටත් බදු අඩු කරන්නටත් ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ. මේ සියල්ල යම් කාලයක් තුළ සිදු කර මැතිවරණයකට යාම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ. මේ සියල්ල සම්පුර්න කරගන්නා තුරු රනිල් වික්‍රමසිංහ කල් ගැනීම සිදු කරන අතර එය සම්පුර්ණ කරගත් පසු ඔහු කුමන මැතිවරණයක් මුලින් පවත්වාවීදැයි දන්නේ ඔහුම පමණි. ඒ අතරේ මේ සියල්ල සම්පුර්ණ කරගෙන විපක්ෂයේ පිරිසක්ද එක්කර ගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ඒ හරහා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරග වැදීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබේ.

එජාප නායකත්ව මණ්ඩලය වැඩට බහී

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මකය. මේ වන විට පක්ෂයේ කටයුතු මෙහෙයවන්නේ නායකත්ව මණ්ඩලය මගිනි. 2024 සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත් කර තිබේ.

මින් ඉදිරියට එජාප මහලේකම්වරයා පූර්ණ කාලීනව පක්ෂයේ පරිපාලනය මෙහෙයවන දේශපාලනයේ නොදෙන තනතුරක් බව පැවසේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය පූර්ණ අවධානය යොමු කර ඇත්තේ පක්ෂ කීපයක හා බහු ජන සංවිධාන ගණනාවක එකතුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සම්බන්ධයෙනි. පක්ෂ එකතු කරගැනීම හා සාකච්ඡා පැවැත්වීමේ කටයුතු රවී කරුණානායකට හා වජිර අබේවර්ධන හට භාරදී තිබේ.

සන්ධාන ගණනාවක් – ඇමතිවරුන් හැමෝටම බලාපොරොත්තු දීලා

මේ වන විට රටේ ඇත්තේ සම්පුර්ණ දේශපාලන ව්‍යකූලත්වයකි.හෙට කුමක් වේදැයි කිසිවකුත් දන්නේ නැත.මෙයින් වැඩිම අපහසුවට පත්ව සිටින්නේ මැති ඇමති වරුන්ය.ඔවුන්ගේ ප්‍රධාන අරමුණ කාට හෝ සහයෝගය දැක්වීම නොව කෙසේ හෝ නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණීමය. මේ නිසා ඇමතිවරුන් ගනනාවක් විවිධ සන්ධාන සහ දේශපාලන පක්ෂ සමඟ ඉදිරි මහා මැතිවරණය හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබිණි. ඇතැමුන් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ සටනට සහයෝගය දෙන බව පවසන අතරේ වෙනත් සන්ධාන සමඟ ද සාකච්ඡා කර තිබේ. මේ අතරේ කිසිඳු පක්ෂයකට සාමාජිකත්වය ලබා ගෙන යාමට අකමැති පිරිස් විවිධ සන්ධාන සාදමින් සිටිති.

ආණ්ඩුවේ තරුණ ඇමතිවරුන් මේ වන විට දේශපාලන තීරණ ගැනීමට නොහැකිව අතරමංව සිටිති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට බලතල ලබාදී ඔවුන්ව මෙහෙයවමින් සිටී. මේ අතරින් ඇතැමුන් පොහොට්ටුව සමඟ විරසක ය. මේ නිසා මීළඟ මහමැතිවරණයට තරගවැදීම සඳහා ඔවුන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ලැබීම ලැබීම විශ්වාස නැත. එහෙත් නාමල් රාජපක්ෂ මෙසේ වෙනත් තැන් වලට ගොස් ඇති පිරිස් එක්කර ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටී.

ඩයනා නැතුව ගේ පාලුයි ඩයනා – රනිල් ගායකයෙක් වූ හැටි

ගැටුම්කාරී සිද්ධියක් හේතුවෙන් පාර්ලිමේන්තුවට සහභාගීවීම අත්හිටුවා තිබු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියාය. පසුගිය බදාදා පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ තම කාමරයට යමින් සිටියදී ඒ අසල සිටි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දුටුවේය. ඩයනා යලිත් පාර්ලිමේන්තුවට පැමිණ සිටි දුටු ජනාධිපතිවරයා ” ඩයනා නැතුව ගේ පාලුයි ඩයනා” ගීත කොටස ගායනා කළේ එහි සිටි මැති ඇමතිවරුන් මෙන්ම ජනපතිගේ පාර්ලිමේන්තු ලේකම් ආශු මාරසිංහ ද සිනාවෙන් කුල්මත් කරමිනි.

රාජිතගේ නිහැඬියාව හැමෝටම ප්‍රශ්නයක් වෙලා

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් රටේ හා ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් දැඩි හඬක් නගන සමගි ජනබලවේගයේ ප්‍රබලයකු වන හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නගේ නිහැඬියාව මේ වන විට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකුට ගැටලුවක්වී තිබේ. ඔවුන් සාකච්ඡා කර ඇත්තේ රාජිත මෙවැනිම ආකාරයට 2014 වසරේ මැද භාගයේදීද නිහඬව සිටි බවය. ඉන්පසු 2014 නොවැම්බරයේදී මෛත්‍රී සමඟ රාජිත ශ්‍රීලනිපයෙන් එලියට බැස්සේ යහපාලන ආණ්ඩුව හදන්නටය. මේ නිසා රාජිතගේ නිහැඬියාව කුමක් හෝ රටේ විශාල වෙනසක පෙරනිමිත්තක් ලෙස බොහෝ දෙනා අතර සාකච්ඡා වී තිබේ.පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පසුගිය දිනවල රාජිතගෙන් සභාගර්භයේදී මෙන්ම ලොබියේදීද මේ සම්බන්ධයෙන් රාජිතගෙන් විමසූහ. ඒ සැමට රාජිත පිළිතුරු දී ඇත්තේ නිශ්ශබ්දවීම ඉතාම හොඳ දෙයක් බව පවසමිනි.

ලන්සා – නලීන් කණ්ඩායමේ පළමු රැස්වීම 27 දා ජාඇල දී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය දක්වන ලන්සා -නලීන් නව සන්ධානයේ ජා ඇල ආසනයේ මහජන රැළිය ලබන 27 වැනිදා ජා ඇල නගරයෙදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.”ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් “යන්න තේමාව කර ගනිමින් නව සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ සහ එහි නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් එම රැළිය පැවැත්වීමට නියමිතය.එහි විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගය මිට මාසයකට පෙර ඔවුන්ගේ රැළිය පැවැත්වූ ස්ථානයම නව සන්ධානයත් මෙම රැළිය පැවැත්වීම සඳහා තෝරා ගැනීමය.

එම රැළියේ සංවිධාන කටයුතු ගැන විශේෂ හමුවක් නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ජා ඇල පරණ තානායමේදී පසුගියදා පැවැත්විණි.මේ අවස්ථාවට නිමල් ලන්සා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ,හිටපු පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න,සුගීශ්වර බණ්ඩාර, නලින් සමරකෝන්,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ කොට්ඨාස සංවිධායකින් ඇතුළු පිරිසක්ද රාජගිරිය පක්ෂ කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

එහිදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ නිමල් ලන්සා රැළිය පැවැත්වීමට හේතුව සහ නව සන්ධානයේ ඉදිරි වැඩපිලිවෙල ගැන දැනුවත් කළහ. “දැන් බය නැතිව ගම්වලට ගිහින් මේ ඇත්ත ජනතාවට කියන්න,තේ කඩයක්වත් දාපු නැති උන් රටේ ආර්ථිකය ගැන කතාකරනවා,හැබැයි එකක් මතක තියාගන්න, ජනතාවට බොරු කියල බැරි පොරොන්දු දීල බලයට අවොත් ජනතාව පාඩම උගන්නයි, අපි නොමැරී බේරුණා, උනවනම් මරලම දායි පතුරන බොරු වලට” නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙහිදී කිවේය.

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය සැමරු හැටි

විපක්ෂ නායක හා ජාතික සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ උපන්දිනය පසුගිය 12 වැනිදාට යෙදී තිබිණි. එහෙත් එදින උපන්දින සාද වෙනුවට සක්වල වැඩසටහනේ 66 වැනි අදියර යටතේ කොලොන්නාව සෝමාදේවි බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම සිදු කළේය.
දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය කාලයේ පාගමන් පැමිණිම, එය තුරුම්පුවක් ලෙස ගෙන මැතිවරණ ජය ගැනීම ආණ්ඩු බිහි වීම සිදුවුවත් එවැනි වැඩි කිරීමක් සිදු නොවූ බවත් එයට හේතුව රජයේ මුදල්වලින් පමණක් අධ්‍යාපනය ගොඩගත නොහැකි වීම බව විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

75 වසරක ඉතිහාසය තුළ සිදුවූයේ බදු ආදායම උපයෝගී කර ගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම පමණක් වන අතර විපක්ෂයේ සිට කිසිඳු වැඩ කොටසක් සිදු නොවූ බවත් මේ ක්‍රමය සමගි ජන බලවේගය වෙනස් කර ඇති බවත් රටේ වැඩ කරන විකල්ප ආණ්ඩුව බවට සමගි ජන බලවේගය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාගේ උපන්දිනය යෙදී තිබුණත් සාද නොදමා සක්වල වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළේ එය තුළින් රටේ දරුවන්ට යහපතක් වන නිසා බවත් බංකොලොත් රටේත් ජනතාවගේ මුදල් වියදම් කර සාද දමන්නේ නම් එය සාපයක් සහ විකෘති මනසක් ඇති පාලනයක ලක්ෂණයක් ලෙස බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

එබැවින් සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත්කළ හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත, වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දී මිනිසා ජිවත් කරවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂයේ සිටම සමගි ජන බලවේගය එක එක ෆයිල් මිටි පෙන්න පෙන්න කයිවාරු නොගහ අධිකරණය හමුවට ගොස් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා නම් සහිතවම අනාවරණය කළ බවත් එහි ඊළග පියවර ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් උපයෝගී කර ගෙන විපතට පත් වූ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙවර මැතිවරණයට සමගි ජන බලවේගය ඉදිරිපත් වන්නේ ඡන්දය ඉල්ලීමට පමණක් නොව ලක්ෂ 220 ජනතාව සමඟ සමාජ ගිවිසුමක් අත්සන් කර, කියන දේ කරන බවට නෛතිකව බැදී සිටින බවත් බොරු පොරොන්දු දේශපාලනයට නැවතීමේ තිත තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත්ගේ ‘සුහුරු විශ්ව පුස්ථකාල’

රටේ පාසල් 10126 තුළම ‘සුහුරු විශ්ව පුස්ථකාලයක්’ නිර්මාණය කරන බවත් එහි දී පොත් රාක්කවලට පමණක් සීමා නොවී සුහුරු උපකරණ හරහා නොදන්නා තොරතුරුවලට ප්‍රවේශ ලබා ගත හැකි බවත් මෙම ව්‍යාපෘතිය හරහා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට තොරතුරුවලට ඇති ප්‍රවේශය ශක්තිමත් කර දැනුම දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් එම ව්‍යාපෘතිය අද දින සිට ආරම්භ කරන බවත් ඒ තුළින් හතලිස් එක් ලක්ෂයක් පාසල් දූදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 66ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 635ක් වැය කර තිබේ.

බණ්ඩාරනායක ගුණ සමරුවට මෛත්‍රී – චන්ද්‍රිකා එක්වෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වැනි ජන්ම දින සමරු උත්සවය ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අබියසදී පසුගියදා පැවැත්විණි. මෙම උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර ඊට අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

මීට පෙර වසරවලදී බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූයේ හිටපු ජනාධිපතිනිය සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙන් වෙන්ව වේලාවන් දෙකකදීය. මේවන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන අතර සුහදත්වය යළි ගොඩනගමින් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට එකඟවී සිටිති. චන්ද්‍රිකා වෙත අඩු බලතල සහිත ශ්‍රීලනිප නායකත්වය ලබා දීමට තීරණය කර ඇති අතර ශ්‍රීලනිපයේ බලතල සියල්ල ඇත්තේ පක්ෂ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාලටය. කෙසේ වෙතත් චන්ද්‍රිකා යලි ශ්‍රීලනිපය වෙත එක්කර ගැනීමට විරුද්ධ පිරිස්ද ශ්‍රීලනිපයේ සිටිති.

ශාන්ට තිසේරාට විනය පියවර

ශ්‍රීලනිප විධායක සභාවේ ලේකම් සාරථි දුෂ්මන්ත පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා ලෙස මධ්‍යම කාරක සභාවේදී අනුමත කර ඇති බැවින් එය විධායක සභාවේදී අනුමත කර ගැනීමද සිදු විය. පක්ෂය ලෙස ඉදිරි මැතිවරණයේදී පොදු වැඩපිළිවෙලක් යටතේ සන්ධානයක් ගොඩනැගිය යුතු බවටද යෝජනාවක් සම්මත කර ගැණිනි. විධායක සභාව අමතමින් දයාසිරි ජයසේක පක්ෂ මහ ලේකම් ධූරයට පත් කළ ආකාරයත් ඒ අවස්ථාවේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ද විරෝධය පළ කළද තමන් දයාසිරි ජයසේකර මහතාට ලේකම්ධූරය ලබා දුන් බවත් මෛත්‍රී එහිදී පෙන්වා දුන්නේය. දයාසිරි තමන්ටත් නොදන්වා කරපු දේවල් ගැනද මෛත්‍රී දීර්ඝ විස්තරයක් කළේය. “සන්ධාන කාර්යාලයේ උඩ තට්ටුව තිලංගට දීලා. තාමත් යතුර එයා ලඟ. එයා කොහොමද පක්ෂ සභාපතිට නොකියා එහෙම කරන්නේ“ මෛත්‍රී ප්‍රශ්න කළේය.

ශාන් ඉවත්වීම පිළිබඳවත් කරුණු දැක්වූ මෛත්‍රී කිය සිටියේ “ශාන්ට මම දුන්නේ නැත්තේ මොනවද? පිටරට යද්දී මම එයාව වැඩබලන සභාපති කළා. ශාන් මම පක්ෂයේ දෙන්න පුළුවන් සියලු දේ දුන්නා.“ ශාන් විජයලාල් 3 වන වතාවේ මහ ඇමති ධූරය ලබා දීමේදී සිදු වූ සිදුවීමක්ද මෛත්‍රී සිහිපත් කළේය. “තුන්වෙනි පාර ශාන්ට මහ ඇමතිකම දෙනකොට එයාට මහ ඇමතිකම දෙන්න එපා කියලා හම්බන්තොට, මාතර පක්ෂයේ මන්ත්‍රීවරු මහින්දට කිව්වා. මහින්ද රාජපක්ෂ ඒ වේලාවේ මගෙන් ඇහුවා මම එතකෛා පක්ෂයේ මහ ලේකම්. මම කිව්වා දැන් ශාන්ට නැතිව කිහිපදෙනෙක් ඉන්නවා මහ ඇමති වෙන්න. ඒ නිසා අපි ශාන්ටම දෙමු කියලා. ඒ පස්සේ මම කිව්ව නිසා මහින්ද ශාන්ට අයෙත් මහ ඇමති කළා.“ මේ ආකාරයට ශාන්ට සලකපු හැටි මෛත්‍රී පැහැදිලි කළේය.

සජින් වාස් ශ්‍රීලනිප ජාත්‍යන්තරය පණ ගන්වයි

විධායක සභාවෙන් පසු මෛත්‍රී පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවූ අතර එහිදී ශාන් විජයලාල් සහ දයාශ්‍රිත තිසේරා සම්බන්ධයෙන් පක්ෂය විනය පියවර ගැනීමට තීරණය කෙරිණි. ශාන් වෙනුවට අම්බලන්ගොඩ සංවිධායක ධුරයට සජින් වාස් ගුණවර්ධන පත් කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් නායකත්වයද ඔහුට ලබා දෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර ලේකම් ලෙසද කටයුතු කරන සජින් වාස් මේ වන විට ශ්‍රීලනිප ජාත්‍යන්තර සංවිධාන ජාලය යලිත් පණගන්වමින් සිටී. සජින්ගේ ගාල්ල දිස්ත්‍රික් නායකත්වය ශ්‍රීලනිප නායකත්වය තමාට ලබා දෙන ලෙස හබරාදුව සංවිධායක තිසර ගුණසිංහ ඉල්ලා තිබේ. එහෙත් එහිදී තවමත් මැතිවරණයක් පවා තරගකාර නොමැති තිසර ගේ ඉල්ලීම ගැන එහි සිටි පිරිස් සිනාසීම හැර වෙනත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මෛත්‍රීගේ තොරතුරු පේෂල අතට ?

නව ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න ගේ ඥාතියෙකු මේවන විට ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සමීපතමයෙකු ලෙස ඔහුට සමීපව කටයුතු කරන අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ හිටපු ජනාධිපතිවරයාගේ සියලු තොරතුරු පේෂල ජයරත්න ට ලබා දීම බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ පවසති. පේෂල ජයරත්න විසින් ඉතා සූක්ෂම ලෙස සැලසුම් සහගතව මෙම පුද්ගලයා මෛත්‍රීට හිතවත් බව පෙන්වමින් මෛත්‍රී සමීපයට ගොස් කටයුතු කරන අතර මේවනවිට නව ලංකා නිදහස් පක්ෂයේ පිරිස් මෛත්‍රීට හදුන්වා දී ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කර ගන්නා බවට පෙන්වා ඔවුන් ශ්‍රීලනිපයේ ඇතැම් සංවිධානවල තනතුරුවලටද පත් කිරීමට එම පුද්ගලයා කටයුතු කර තිබේ.

බෞද්ධාගමට එරෙහි සංවිධානාත්මක ක්‍රියාවන්

රට පුරා මේ වන විට බෞද්ධාගමට එරෙහි යම් යම් සංවිධානාත්මක ප්‍රහාර එල්ලවෙමින් තිබේ. බෞද්ධ වෙස්ගත් ඇතැම් පුද්ගලයන්ගේ කටයුතු රටේ සාමාන්‍ය ජනතාවගේ කලකිරීමට හේතුවන කාරණා ගනනාවක් මේ වන විට සිදුවෙමින් පවතී. මේ සිදුවීම් වල අරමුණ බෞද්ධාගම හා එහි ඉගැන්වීම් හෑල්ලුවට ලක්කරමින් බෞද්ධයන් කලකිරවීමය.
පසුගිය දිනවල සිදුවූ සියදිවි නසා ගැනීමේ ක්‍රියාවලිය හා බෝධි සත්වයකු ලෙස පෙනී සිටින පුද්ගලයකුගේ ක්‍රියාවන් නිසා බෞද්ධාගමට සිදුවන හානිය ඇති විශාලය. එම නිසා මේ සම්බන්ධයෙන් වහාම මහා නායක හිමිවරුන් ප්‍රමුඛ ත්‍රයිනිකායික මහා සංඝරත්නය වහාම පියවර ගත යුතුව තිබේ. බෞද්ධාගමට හානි කරන භිකෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගෙන ඔවුන් සම්බුද්ධ ශාසනයෙන් ඉවත් කිරීම හෝ විනයානුකූල පියවර ගැනීම වහාම කළයුතුව තිබේ.

රජයට පවරාගෙන හෝ මියුසියස් විද්‍යාලය බේරා ගන්නා ලෙස ඉල්ලීමක්

කොළඹ මියුසියස් විද්‍යාලයේ නිල ඇඳුම වෙනස් කිරීමේ උත්සාහය හා එහි බෞද්ධ පරිසරය හා අගමානුකූල සිරිත් විරිත් සම්බන්ධයෙන් වත්මන් පරිපාලනය සිදු කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් එහි දෙමාපියන් හා ආදී ශිෂ්‍යාවන් රටේ ඉහලම පරිපාලනය හා වගකිවයුතු පිරිස් වෙත මේ වන විට කරුණු දක්වා තිබේ. මෙම විදුහල මාරි මියුසියස් හිඟින්ස් විසින් ආරම්භ කරන ලද්දේ මියුසියස් බෞද්ධ කාන්තා විදුහල ලෙසට බවත් නිර්මාතෘවරියගේ එකම අරමුණ වුයේ බෞද්ධ දැරියන් බෞද්ධාගමික පරිසරයක අධ්‍යාපනය ලැබීම බවත් පෙන්වා දෙන එම පිරිස් මියුසියස් විද්‍යාලයේ වත්මන් පරිපාලනය අත්තනෝමතිකව කටයුතු කරමින් එම තත්වය වෙනස් කරන්නට කටයුතු කිරීම නොනවත්වන්නේ නම් වහාම මියුසියස් විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙසත් ඉල්ලා සිටිති.

අනුරගෙන් ජනපතිට චෝදනා – ජාජබ කටයුතු තානාපති අංශවල කතාබහට

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස දාහතරක් තුළ විදේශ සංචාර දාහතරක ගොස් ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මේ රටේ මේ ආකාරයෙන් ජනාධිපතිවරුන් විදේශගතවී ඇත්දැයි ප්‍රශ්න කළ ඔහු මුල්‍ය විනය පළමුව රැකිය යුත්තේ ජනාධිපතිවරයා විසින් බවද අනුර කුමාර දිසානායක කියා සිටියේය.

ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිට පාර්ලිමේන්තුවට එන විට පසු පස්සෙන් ගිලන් රථයක් පැමිණෙන්නේ ලෙඩෙක් නිසා දැයි ඔහු විමසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පාර්ලිමේන්තුවට එන විට පසු පසින් ගිලන් රථයක් පැමිණෙන බවත් මේවා ජාතික ජනය නාස්ති කරන වැඩකටයුතු බවත් ඔහු ප්‍රශ්නකළේ පාර්ලිමේන්තුව අමතමිනි.

ජාතික ජනබලවේගය රට පුරා රැස්වීම් පවත්වමින් ජනතාව එක්රැස් කරවමින් සිදු කරන කටයුතු මේ වන විට රටේ තානාපති අංශ වල පවා ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.

පෙරටුගමීනුත් ජනාධිපතිවරණයට?

පෙරටු ගාමී පක්ෂය නියෝජනය කරමින් වසන්ත මුදලිගේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට මේ වන විට දේශපාලන තලයේ ආරංචි පැතිර යමින් පවතී. මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙවැන්නක් සිදු වුවහොත් ඒ හරහා ජනාධිපතිවරණයට සිදුවන බලපෑම ඉතාම ඉහලය. එය ඡන්ද බෙදී යාමකට කෙලින්ම බලපානු ඇත.

කිසියම් දෙමල අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ සුදානමක්ද පවතී. ඒ හරහාද සිදුවන බලපෑම සුළුපටු නොවේ.

කර්මාන්ත දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී ඇත.

මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් ස්ථිර ලෙසද කර්මාන්තශාලා 59100ක් තාවකාලික ලෙසද වසා දමා ඇත.

මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254700ක් ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා වෙයි. මීට අමතරව කුඩා කර්මාන්ත 7300ක්ද මධ්‍යම කර්මාන්ත 1100ක්ද වැසී ගොස් ඇත.

OLYMPUS DIGITAL CAMERA

බදු මත තවත් බදු – ජනතාව තවත් අමාරුවේ

විවිධ භාණ්ඩ හා සේවා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බද්දට අතිරේකව තවත් බදු වර්ග 16ක් අය කරමින් සිටින බව පැවසේ.වැට් බදු පැනවීම නිසා බදු ක්‍රමය සරල වීම කෙසේ වෙතත් එය තවදුරටත් සංකීර්ණ වී ඇත.

සමහර ක්ෂේත්‍රවලට වැට් බද්ද කිහිපවරක් වදින අතර එයට අමතර වශයෙන් එම භාණ්ඩවලට අයකරන වෙනත් සුවිශේෂ බදුද දිගටම අයකරන බවත් සඳහන්ය.සියයට දෙකහමාරක් අයකළ යුතු ජාතිය ගොඩනැගීමේ බද්ද පසුගිය මාසය සඳහා විදුලි පෞද්ගලික සමාගම මගින් සියයට 5ක් අයකරගෙන ඇති බවට විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.

පිරිවැටුම් බද්ද වරාය හා ගුවන් තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, රේගු බද්ද, මුද්දර බද්ද, ටෙලිකොම් බද්ද ආදී බදු වර්ග රැසක් වැට් බද්ද සමඟ තවදුරටත් අයකරගෙන යාම නිසා ජනතාවට විශාල අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා නැගේ. මේවා සොයා බලන්නට වගකිවයුත්තන් නොමැති අතර අවසානයේ සියල්ල පාරිභෝගික ජනතාව මත පැටවේ.

බාල ඖෂධ ඉමියුනොග්ලොබින් වංචාවට ප්‍රබලයන් පිරිසක් ළඟදීම අත්අඩංගුවට?

බාල ඖෂධ ඉමියුනොග්ලොබින් වංචාවට අදාලව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිස් බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව මෙතෙක් හෙළිදරව් වී ඇති කාරනා සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී ප්‍රබල චරිත කීපයක්ම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙහිදී තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාද අදාළ අංශ වලට උපදෙස් දී තිබේ.මේ අතර කිසියම් ඇමතිවරයකු ඊට සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර රජයේ නම රැක ගැනීමත් රටේ නීතිය ක්‍රියාත්මක වන බවට මහජනතාව තුළ විශ්වාසයක් ඇති කර ගත යුතු බවට ප්‍රබල ඇමතිවරුන් කීප දෙනෙකු ජනාධිපතිවරයා හමුවේ දන්වා තිබිණි. මේ අතර මෙම වංචා වලට සම්බන්ධ තවත් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ගණනාවක් සම්බන්ධයෙන්ද කරුණු හෙළිදරව්වී ඇති අතර එම පිරිසගෙන්ද ඉදිරි දිනවලදී ප්‍රශ්න කරන්නට නියමිතය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan