මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් උසස්වීම් නොලබාම විශ්‍රාම ලබාවිද ?

Date:

දක්ෂ, එඩිතර මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් මානික්කවාසගම් ඉලංචේලියන් මහතා මේ මාසයේදී විශ්‍රාම යාමට නියමිතව සිටින බව වාර්තා වේ.

විත්‍යා ඝාතන නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු රැසකදී විශිෂ්ඨ තීන්දු ලබාදුන් විනිසුරුවරයකු වන ඉලංචේලියන් මහතාට 2025 ජනවාරි 20 වනදාට වයස අවුරුදු 60 සම්පූර්ණ වන බව සඳහන්. මහාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගතයුතු අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබේ.

මීළඟට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්වීම සඳහා සුදුසුකම් සපුරා සිටින ඒ මහතා රාජකාරියෙහි යෙදී සිටින අවසන් දිනය වනු ඇත්තේ ලබන සිකුරාදා (17) දිනයයි. ඒ අනුව ඒ මහතාව අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්කිරීම එදින අවසන් වීමට ප්‍රථම සිදුකළ යුතුව ඇත.

එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට චීනයෙහි නිල සංචාරයක නිරත වී සිටින අතර එම සංචාරය අවසන් වීමට නියමිතව ඇත්තේ ද 17 වනදා ය. ඉලංචේලියන් මහතාව අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්කිරීමට නම් ජනාධිපතිවරයා විසින් ඒ සඳහා නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවිය යුතු අතර එම සභාව රැස්වී එම නිර්දේශය අනුමත කළ යුතුය. මේ සියල්ල සඳහා ඉතිරි වී ඇත්තේ පැය 72 ක් පමණි.

මේ තත්වය තුළ මානික්කවාසගම් ඉලංචේලියන් මහතාගේ සේවය ඉදිරියටත් ලබාගැනීමේ අවස්ථාව රටට අහිමිවේද යන ප්‍රශ්නය මතුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

ට්‍රම්ප් හා සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

අපේ එකෙක්වත්, අපට සම්බන්ධ එකෙක්වත් අපට නිකමටවත් කතා කරන්න එපා මත්ද්‍රව්‍ය අහුවෙලා කියලා – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම...

බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර සමිතියේ නිලවරණයේදී ද ජාතික ජන...