සිමෙන්ති මිල තවත් බහින හැඩ!

Date:

කොළඹ LNW:සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යි හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබේ.

පසුගිය ආර්ථික කඩා වැටීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට මුහුණ දෙන ලදී.

කෙසේවෙතත් මේ වන විට ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින් පසුබිම තුළ නැවත එම ක්ෂේත්‍රයේ නැගීමක් තිබෙන අතර සිමෙන්ති මිල තවදුරටත් පහත වැටීම ඉදිකිරීම් කර්මාන්තයට පිටුවහලක් වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...