සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති Xi Jinping

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 15, කොළඹ (LNW):

මේ වන විට චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්වුණු අතර, චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණ බව සඳහන් වේ.

පසුව, රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවසේ. මෙහිදී සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන බව පැවසේ.

එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...