ටෙනිස් ශූර නොවැක් ජොකොවික් රැඳවුම් භාරයට – නඩුව හෙට

Date:

ලෝකයේ අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික් රැඳවුම් භාරයට ගෙන තිබේ.මෙය සිදු කර තිබෙන්නේ ඔස්ට්‍රේලියානු දේශසීමා බලධාරීන් විසිනි.

ඒ, ඉරිදා දිනයේ එනම් හෙට, ඔහුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට අදාළ අභියාචනාව විභාගයට ගැනීමට අදාළව ය.

සෞඛ්‍යමය හේතු මත මෙන්ම නොවැක්ගේ තරග සහභාගිත්වය මහජන සුබසිද්ධියට හේතු වේ ය යන කරුණු මත පදනම් ව ඔහුගේ වීසා නඩුවට අභියාචනය කිරීමට නීතීඥයෝ බලාපොරොත්තු වෙති.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගි වීම සදහා මෙල්බන් නුවරට පැමිණ සිටි නොවැක් ජොකොවික්, සිය වීසා අයදුම්පතේ දින 14කට පෙර කිසිදු සංචාරයක් සිදුකර නොමැත යනුවෙන් ව්‍යාජ තොරතුරු සඳහන් කර තිබිණි.

කෝවිඩ් එන්නත් ද ලබාගෙන නොසිටි මෙම 34 හැවිරිදි සර්බියානු ජාතික ටෙනිස් ශූරයා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ එරට ටෙනිස් සම්මේලනයේ විශේෂ අවසරයක් මත ය. නමුත් උද්ගතව ඇති තත්වය මත ඔහුට තරගාවලියට සහභාගි වීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කෙරිණි.

මේ වන විට නොවැක්ගේ වීසා දෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබේ.

මීට පෙර ඔහු පිටුවහල් කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ නියෝගය නිකුත් කර විනාඩි 30 ක් ඇතුළත ඔහුව මුදා හරින ලෙසයි.

නමුත් අද දිනයේදී ඔහුව රැඳවුම් භාරයට ගත යුතු බව ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබුණේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඔහුගේ අභියාචන නඩුවට සමගාමීව ය.

මේ අතර, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය හෙට දිනයේ ආරම්භ වේ.

පෙර ලිපිය

ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙන් නියෝගයක්!

AMALI JAYAWEERA – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන...

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...