හැම අංශයකින්ම ෆේල්, මේක ජනතාව නොමරා මරණ ආණ්ඩුවක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

0
145

ආණ්ඩුවක් කළ යුත්තේ ජනතාව ජීවත් කරවීම වුවත්, වර්තමාන ආණ්ඩුව සිදු කරන්නේ ජනතාව නොමරා මැරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය කිසිවක් ලබාගැනීමට හෝ ලබා දීමට ආණ්ඩුව සමත් වී නැති බව පැවසූ විපක්ෂ නායකවරයා, වියත් යැයි කියූ, ප්‍රබුද්ධ යැයි කියූ ආණ්ඩුව අද වන විට රට බලවත් ව්‍යසනයක් කරා තල්ලු කොට ඇතැයි ද සඳහන් කළේය.

දූ දරුවන්ට කිරි පිටි ටික නැති, රටට අවශ්‍ය ඉන්ධන ටික නැති, විදුලිය කපන අන්ධකාර රටක් මේ ආණ්ඩුව නිර්මාණය කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 12 වනදා යාපනේ නල්ලූර් හී පැවැති ජන හමුවකට එක්වෙමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here