බැසිල්ගේ නව බදු පනතින් අදායම් යන්නේ පෞද්ගලික ගිණුමකට – සුරාබදු නිලධාරීන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

මත්පැන්, සිගරට්,වාහන, විදුලි සංදේශ සේවා, ඔට්ටු හා සූදු බදු, කැෂිනෝ බදු ඇතුළු බදු වර්ග ගණනාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් වශයෙන් නම් කර වෙනම පනත් කෙටුම්පතක් සම්මත කර භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක්ගේ අධීක්ෂණයෙන් විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීමටයි එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ.

මෙතෙක් එම බදු ආදායම් ලබාගෙන රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබුවේ දේශීය අදායම් දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වන අතර නව පනත් කෙටුපතින් එම ආයතන ඉවත් කර තිබීම එහි වැදගත් කොට සැලකිය යුතු කරුණක් බවට පත්ව තිබේ.

මේ වන විට එම නව බදු ප්‍රතිපත්තියට දේශීය ආදායම් දෙපාර්තමේන්තු සහ රේගු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සිය විරෝධය පළකර ඇත.

අද සුරා බදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් මතුකළේ මෙතෙක් කල් නිසි ලෙස බදු ආදායම් එකතු කළ රජයේ දෙපාර්තමේන්තු තුනම ඉවත් කර වෙනත් ආයතනයකට එය පැවරීම කොතරම් විනිවිදභාවයක් පවතීද යන්නයි.

නව පනත මඟින් ලැබෙන බදු ආදායම් අවම වශයෙන් බැර වන්නේ නිලධාරියාගේ තනතුරට අයත් ගිණුමකට නොව පෞද්ගලික ගිණුමකට වීම තුළ ඒ ගැන කොතරම විශ්වාසයක් පවතීද යන්න මෙහිදී එම නිලධාරීන් ප්‍රශ්න කළේය.

මේ අතර මෙම නව බදු පනතට විරෝධය පළකරමින් උක්ත දෙපාර්තමේන්තු ත්‍රිත්වයේම වෘත්තීය සමිති ඒකාබද්ධව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ලබන 18 වැනිදා විරෝධතාවක් පැවැත්වීමටද නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...