ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙය පසුගිය වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියය 0.2ක ඉහළ යාමක් වන අතර මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 0.3ක ඉහළ යාමක් බව සඳහන්.

මේ වසරේ දෙවන කාර්තුව තුල මෙරට විරැකියාවෙන් පෙලෙන පුද්ගලයින් සංඛ්‍යාව 340,240ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් දැක්වෙන්නේ.

ඉන් සියයට 6.1ක් කාන්තාවන් වන අතර සියයට 2.8ක් පිරිමි පුද්ගලයින් බවත් එහි දැක්වේ.

වැඩිම විරැකියා අනුපාතයක් ඇත්තේ අවුරුදු 15 – 24 අතර වයස් කාණ්ඩවල බවත් එම වාර්තාවේ සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...