බංකොලොත් රට බදුවලින් කබලෙන් ලිපටම ඇදල දැම්මා – විපක්ෂ නායක (VIDEO)

Date:

කොළඹ LNW: උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (15)තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

එකී බංකොලොත්භාවයෙන් බැට කන ජනතාව කබලෙන් ලිපට ඇද දමීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතු වු බවයි තවදුරටත් කියා සිටියේ..

තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ පවා කෘෂිකාර්මික නිෂ්පාදන සදහා පවා බදු අය කර ඇති බවත් මේ නිසා සහල් ඇතුලු එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් තුළ අප රටක් ලෙස තවදුරටත් බලා සිටිනවාද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිනවාද යන්න ජනතාව තීන්දු කළ යුතු බවත් එම යහපත් අරමුණ වෙනුවෙන් නැගී සිටිමට ධෛර්ය ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...