*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ඔබ online මුදල් වංචා ගැන දැනුවත්ද?

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව එම ආයතනය සතුව තිබූ desktop පරිගණක අටක් laptop වර්ගයේ පරිගණක දහතුනක් ජංගම දුරකථන හතළිස් නමයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම ජාවාරම හෙළි කරගෙන ඇත.

මෙහිදී මාර්ගගත ණය ලබා ගැනීමේදී ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු මත එම පුද්ගලයාට තර්ජනය කරමින් නැවත මෙම මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පවත්වනු ලබයි.

මේ සම්බන්ධව පැමිණිලි තිබේ නම් ළඟම ඇති පොලිසි ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාශයට ලබා දෙන ලෙස මහජනතාවට පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan