වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW:


ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ජාතික කාන්තා විස්සයි විස්ස ලීග් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින බ්ලූ කණ්ඩායමට එරෙහිව මෙම තරගාවලිය නියෝජනය කරන ලාබාලතම කණ්ඩායම වන රෙඩ් කණ්ඩායමේ ශෂිනි ගිම්හානි තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්නට සමත් වූවාය.පන්දු 35 න් නොදැවී රැස් කළ ලකුණු 50 නිසා රෙඩ් කණ්ඩායමේ සමස්ත ලකුණු පූවරුව කඩුලු 6 ලකුණු 126 දක්වා ඉහළ ගිය අතර ශෂිනිට අගනා සහයක් එකතු කළ උමයංගනා පීරිස් ලකුණු 37 ක් ලබා ගන්නට සමත් වූවාය.ඔව්හූ පස්වන කඩුල්ල සඳහා ලකුණු 77 ක සබඳතාවයකටද දායක වූහ.


අවුරුදු 16 එළිපත්තේම ශෂිනි සිය හැකියාවත්,පෝල් ඇඩම්ස්යානු ස්වරූපය ගෙන ඇති පන්දු යැවීමේ ස්වභාවයත් පදනම් කරගෙන ජාතික කණ්ඩායම වරම් ලද අතර ඇය අද පන්දු යැවීමට අමතරව ප්‍රහාරාත්මක පිතිකරණයේද නැපී පෙනෙන්නීය.ශෂිනිලාගේ කණ්ඩායමට තර්ජනයක් වූ පන්දු යවන්නිය වූයේ ද ඔවුන්ගේම පරම්පරාව නියෝජනය නරන බ්ලූ කණ්ඩායමේ දෙව්මි විහංගා ය.ඇය ලකුණු 19 ට කඩුල් 3 ක් ලබා ගත්තාය.


පළමුව පන්දුවට පහර දුන් රෙඩ් කන්ඩායමේ ලකුණු 126 හඹා යාමට පිටියට පිවිසි පළමු කඩුල්ල ලකුණු 7 දී අහිමි වුවත්,මෙම කාලයේ යම් පසුබැසීමක් පෙන්වන කණ්ඩායම් නායිකා හර්ෂිතා සමරවික්‍රම කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමේ වගකීමට සෙමින් මුහුණ දුන්නාය.ලකුණු 29 දී හිරුණි හංසිකා ගේ ඉවත්වීමෙන් පසුව පිටියට පිවිසි මේ තරගාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස කැපී පෙණුන සත්‍යා සංදීපනී සමඟ හර්ෂිතා ජයග්‍රහණය දක්වා රැදී සිටියාය.පන්දු 50 දී ලකුණු 48 ක් ලබා නොදැවී සිටි හර්ෂිතා ප්‍රහාරතා්මක වගකීම සහය පිතිකාරිය සත්‍යා හරහා ඉටු කරවා ගත්තාය.සත්‍යා පන්දු 46 දී නොදැවී ලකුණු 49 ක් ලැබුවාය.


මේ තරගයේදී ද බ්ලූ කණ්ඩායම තැති ගැන්වීමකට ලක් කරමින් තරගාවලියේ කැපී පෙණුනම පන්දු යවන්නිය වූ රෙඩ් කණ්ඩායමේ නායකා චමෝදි ප්‍රබෝධා දැවී ගිය බලූ කණ්ඩායමේ කඩුලු දෙකෙන් එකක හිමිකාරිය වූවාය.19 වන ඕවරයේ පස්වන පන්දුවේදී බ්ලූ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 128 ද්කවා සිය ලකුණු පූවරුව පත් කර ගනිද්දී චමෝදි නැවතත් සිය සුවිශේෂ පන්දු යැවිීම තුළින් ලකුණු 23 ට එක් කඩුල්ලක් දවාගෙන උන්නාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...